විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව බහුතර අමාත්‍යවරුන් විරෝධය පළ කිරීම නිසා ඉවත් කරගෙන තිබෙනවා.
මෙම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු, බොහෝ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මෙවැනි යෝජනාවක් ගෙන ඒම නුසුදුසු බවයි.
මීට මාස කිහිපයකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් නොකලේ මන්දැයි එහිදී ඔවුන් ප්‍රශ්න කර ඇති අතර ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මෙම යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව අමාත්‍යවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.