News Line| Off Air| Games
Generic placeholder image

Jun
16

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට!

176 Views


කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට!

අද උදෑසන පැවැත්වුණු කොළඹ මහ නගර සභාවේ මංගල සැසියේදී නව නගරාධිපතිවරයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ජයග්‍රහණය කළාය.

ඇය ඡන්ද 61ක් ලබාගනිමින් නගරාධිපති ධුරය හිමිකර ගත්තාය.

විපක්ෂය නියෝජනය කළ රීසා සාරුක් මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව විය 54ක්.

ඡන්දය රහස්‍ය ලෙසද? විවෘත ලෙසද? පැවැත්විය යුත්තේ යන්න තීරණය වටා දැඩි විවාදයක් ඇතිවී තිබුණද, අවසානයේ කොළඹ නාගරික කොමසාරිස්වරියගේ තීරණය අනුව රහස් ඡන්දය මගින් නගරාධිපතිවරයා තෝරාගැනීම සිදු වුණා.

මේ හරහා කොළඹ මහ නගර සභාවේ පාලන බලය දැන් මාලිමාවට හිමිවී ඇත.


News Articles
Latest Videos
Most Popular Post