නැගෙනහිර ඉන්දුනීසියාවේ මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද ඊයේ(17) සක්‍රීය වී ඇත.සංචාරක දූපතක් වන ෆ්ලෝරස් දූපතේ පිහිටි, මිටර් 1,584ක් උස සහිත යුගල ශිඛරවලින් සමන්විත මවුන්ට් ලෙවොටෝබි ලාකි-ලාකි ගිනිකන්ද පස්වරු 5.35ට (ප්‍රාදේශීය වේලාවෙන්) පුපුරා ගිය බව නිවේදනයකින් සඳහන් කරයි. ගිනිකන්ද සක්‍රිය වීමත් සමඟ ලාවා අළු වළාවකින් අහස වැසී ගොස් තිබෙනවා. මෙය කි.මි 10 ක් උසට පැතිරී ගොස් ඇත. අනතුරු ඇඟවීමේ සංඥා සටහන් වල ඉතාම ඉහළ අගයකින් මෙය සටහන් වී තිබූ බවද වාර්තා වෙනවා. මෙම හේතුව නිසාවෙන් බාලි හරහා ඕස්ට්‍රේලියාවට ගමන් කිරිමට නියමිතව තිබූ ගුවන් ගමන් ද නවතා දමා තිබෙනවා. පසුගිය නොවැම්බරයේදීත් මෙම ගිනිකන්ද සක්‍රිය වී නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව දහස් ගණනක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදු වී තිබුණා.