අතීත මානවයන් භාවිතා කරන ලද ආයුධ වර්ග මීට පෙර විවිධ අවස්ථාවලදී සොයාගෙන තිබුණද ලෝකයේ පැරණිතම අස්ථි කොටස් වලින් තැනූ ආයුධ ටැන්සානියාවේ ඔල්ඩුවයි ගෝර්ජ් (Olduvai Gorge) සොයා ගැනීමත් සමඟ ආදි මිනිසා සතුව තිබූ තාක්ෂණය පිළිබඳ පෙර පැවති මතවාදයන් වෙනස් කරලීමට මෙම සොයාගැනීම් හේතු වී තිබෙනවා.
විශේෂයෙන්ම, මෙම උපකරණ නිපදවා ඇත්තේ අත් සහ පා වල ඇති තද අස්ථි වලින් වන අතර, එවැනි අස්ථි වඩා දැඩි සහ කල්පැවැත්මකින් යුත් උපකරණ සඳහා වඩාත් සුදුසු වේ. අලින්ගේ අස්ථි වලින් සාදාගත් උපකරණ 22cm සිට 38cm (අඟල් 8.6 – 15) දක්වා දිගින් පැවති අතර, හිපපොටේමස් අස්ථි වලින් සාදාගත් උපකරණ 18cm සිට 30cm (අඟල් 7 – 11.8) දක්වා පැවති බව වාර්තා වේ. අස්ථි කොටස් 27ක් විශ්ලේෂණය කිරීමෙන්, ඒවා අදාලව හැඩගැස්වීමේ knapping නමින් හැඳින්වෙන ක්‍රමයක් යොදාගෙන නිපදවූ බවට සාධක හඳුනාගන්නට ඇත. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් ගල් උපකරණ නිෂ්පාදනය සමඟ සම්බන්ධ වේ.
මෙම පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වන ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ මණ්ඩලයේ (CSIC) ආචාර්‍ය. ඉග්නේෂියෝ ඩෙලා ටොරේ පැවසුවේ, මෙම සොයාගැනීම් තුළින් ආදි මිනිසුන් තම උපකරණ නිපදවීමේ කාර්මික ක්‍රමවේදයට නව අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් තාක්ෂණික විකල්ප විශාල වශයෙන් භාවිතා කර තිබූ බවයි.
University College London හි පුරාවිද්‍යාඥ සහ මෙම පර්යේෂණයේ සෙසු කතුවරියක වන ආචාර්‍ය රෙනාටා පීටර්ස් මෙය වැදගත් තොරතුරක් ලෙස සලකයි. ඇය පැවසුවේ: “මේ අර්ථ දැක්වෙන්නේ ආදි මිනිස්වංශයන්ට ගල් උපකරණ නිපදවීමේ කුසලතා අස්ථි වලටද යොදාගැනීමට හැකි වුණා කියන එකයි. එවැනි සංකීර්ණ මනෝවිද්‍යාත්මක හැකියාවක් වෙනත් කිසිදු කාලයකදී, අවුරුදු මිලියනයකටවත් පසුවවත් දැක නැහැ,” යනුවෙනි.
මීට පෙර සොයාගත් පැරණිම අස්ථි වලින් තැනූ උපකරණ සොයාගෙන තිබුණේ යුරෝපයේ වන අතර, ඒවා වසර 250,000 – 500,000 පමණ පැරණි යැයි විශ්වාස වේ.
ගල් උපකරණ සකස් කිරීම පිළිබඳ සාක්ෂි වසර 3.3 මිලියනක් පමණට යයි සැලකුණද, ක්‍රමානුකූලව තැනූ අස්ථි යොදාගත් උපකරණ නිෂ්පාදනය පිළිබඳ හමුවූ අද්විතීයම සාක්ෂිය මෙයයි.
මෙම ආයුධ තුළින් ආදි මිනිසා සතුව තිබූ කාර්මික හැකියාව සහ උසස් මනෝ විඤ්ඤාණික හැකියාව පෙන්වා දෙයි. මෙවැනි හැකියාවන් මතු වන්නේ මිනිසාගේ වර්ධනයෙන් වැඩිදියුණු වූ අවධියකදී යැයි පෙර විශ්වාසයන් තිබුණද, එම මතයට ප්‍රශ්නාර්ථයක් මතු කිරීමට මෙම සොයාගැනීම සමත් වී ඇත.