ලෝකයේ සන්නිවේදනයේ ස්වභාවය විශාල ලෙස වෙනස් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය බව අවිවාදාත්මකයි. ආරම්භයේ සිටම එය තාක්ෂණික විප්ලවයක් ලෙස පෙන්වා දිය හැකිය. සෑම වසරකම ජූනි 30 ලෝක සමාජ මාධ්‍ය දිනය (World Social Media Day) ලෙස සමරනු ලබනවා. මෙම දිනය නිල වශයෙන් සැමරීම ආරම්භ වූයේ 2010 වසරේ සිටය. මෙය ආරම්භ කළේ Mashable නම් වූ විශිෂ්ට තාක්ෂණික වෙබ් අඩවියයි.
අද වනවිට Facebook, X ( Twitter), Instagram, YouTube, TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා මඟින් ලෝකය තුළ පරිවර්තනීය වෙනසක් සිදුවී ඇතැයි කිව හැකියි. සීමාරහිත සන්නිවේදනයත්, විවෘත සංවාදයකට අවකාශයක් මෙන්ම පෞද්ගලිකත්වය සහ ප්‍රචණ්ඩ බලපෑම්වලට තුඩු දී ඇති සමහර දේත් ව්‍යාප්ත කරන මධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය හඳුනාගත හැකියි.
වත්මන් ලෝකයේ සන්නිවේදනය, ව්‍යාපාර, ජනමාධ්‍ය හා දේශපාලන ක්ෂේත‍්‍ර කෙරෙහි සමාජ මාධ්‍ය විශාල බලපෑමක් සිදු කරමින් සිටිනවා. වේගවත් තොරතුරු හුවමාරුව, පුද්ගලයන්ට තම අදහස් විවෘතව ප‍්‍රකාශ කිරීමට ඇති අවකාශය, කලාකරුවන්ට, ව්‍යාපාරිකයන්ට සහ නවකයන්ට තමන්ව සහ තමන්ගේ ව්‍යාපාර ප‍්‍රචාරය කිරීමට සහ ආදායම් උපයා ගැනීමට ද්වාර විවර විම මෙහි ඇති අනෙකුත් වාසි වෙනවා.
ශ‍්‍රී ලංකාවේද Facebook, WhatsApp, Instagram, TikTok වැනි වේදිකා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, විශේෂයෙන් තරුණ පරපුර සමාජ මාධ්‍යය හා දැඩිව බැඳී සිටිනවා. දැනට සෑම ව්‍යාපාරයකටම සමාජ මාධ්‍ය අත්‍යවශ්‍ය මෙවලමක් වී ඇති අතර, පෞද්ගලික හා වෘත්තීය ජීවිතය තුළද මෙය විශාල බලපෑමක් සිදුකරයි. සමාජ මාධ්‍යය යනු බලවත් මෙවලමක්. එය ව්‍යවසායකයන්ට, සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහ තොරතුරු ලබා ගැනීමට උදව් වන අතර සමහර අවස්ථා වල ද්වේශාත්මක සහ අසත්‍ය සාපරාධී ක්‍රියා සේම හිංසනය ආදිය දක්නට පුලුවන්. එබැවින් සමාජ මාධ්‍ය භාවිතය සඳහා වගකීම සේම සහ නීතිමය සීමාවන් පැනවීමද අත්‍යවශ්‍ය වන බව කිව යුතුය.