News Line| Off Air| Games
Generic placeholder image

Jun
30

ශාරුක් ඛාන් ලබන අගෝස්තුවේ ලංකාවට.

133 Views


ශාරුක් ඛාන් ලබන අගෝස්තුවේ ලංකාවට.

ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නළු ශාරුක් ඛාන් 2025 අගෝස්තු 2 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ආරංචි මාර්ග පවසන්නේ. ඔහුගේ මෙවර විශේෂ සංචාරයේ අරමුණ වන්නේ, කොළඹ නගරයේ නවීනතම City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි.

මෙම විශාල ව්‍යාපෘතිය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ජාත්‍යන්තර Melco Resorts & Entertainment සමාගම එක්ව ක්‍රියාවට නැංවූ එකක් වන අතර, එය දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය මගින් සිදුකරන විශාලතම ආයෝජන ව්‍යාපෘතියක් වන මෙය, දේශීය සංචාරක හා විනෝදාස්වාද කර්මාන්තයට නව මංමාවත් විවෘත කරනු ඇත.

මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන්නේ Cinnamon Life හෝටලය (කාමර 687), සුපිරි Nüwa හෝටලය (කාමර 113), ජාත්‍යන්තර මට්ටමේ විශාල කැසිනෝ ශාලාවක්, විශිෂ්ට සාප්පු සංකීර්ණයක් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පහසුකම් (MICE) යන අංගයි. දැනටමත් Cinnamon Life හෝටලය විවෘත වී ඇති අතර, Nüwa හෝටලය සහ කැසිනෝ ශාලාව ඇතුළත් අවසන් අදියර 2025 අගෝස්තු 2 වනදා විවෘත කිරීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post