News Line| Off Air
Generic placeholder image

Oct
7

සැක්‍රමෙන්ටෝ අධිවේගී මාර්ගයට කඩාවැටුණු හෙලිකොප්ටරය

341 Views


සැක්‍රමෙන්ටෝ අධිවේගී මාර්ගයට කඩාවැටුණු හෙලිකොප්ටරය

ඊයේ (06) රාත්‍රියේදී වෛද්‍ය සේවා සපයන හෙලිකොප්ටර් යානයක් එක්සත් ජනපදයේ 50 අධිවේගී මාර්ගයේ (U.S. 50) 59 වැනි වීදිය ආසන්නයේ කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලැබූ බව සැක්‍රමෙන්ටෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව (Sacramento Fire Department) ප්‍රකාශ කර තිබෙනවා.

ගිනි නිවීමේ නිලධාරීන් 59 වැනි වීදියට බටහිර දෙසින්, අධිවේගී මාර්ගයේ නැගෙනහිර දෙසට යන මංතීරුවේ අනතුරට පත් යානයක් පිළිබඳ වාර්තා වීමෙන් පසු එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. එහිදී, ඔවුන්ට දැඩි ලෙස හානි වූ හෙලිකොප්ටරය සහ එහි ගමන්ගත් සියළු දෙනා බරපතල තත්ත්වයෙන් සිටියදී හමුවී තිබෙනවා.

අනතුරට වෙනත් වාහන සම්බන්ධ වී නොමැති බවත් නිලධාරීන් මෙහිදී සඳහන් කර තිබෙනවා. අනතුරට පත් වූවන් හදිසි ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවයන් සහ හෙලිකොප්ටරයේ පියාසැරි විස්තර මේ වනතුරු නිකුත් කර නැති බවටයි වාර්තා වන්නේ

ගිනි නිවන භටයින් සහ ගිලන් රථ කාර්ය මණ්ඩලය අනතුර සිදුවූ ස්ථානයේ තත්වය පරීක්ෂා කරන අතරතුර, බලධාරීන් විසින් U.S. 50 අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමා තිබෙනවා. අනතුරට හේතුව පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලයේ (NTSB) සහ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) ෆෙඩරල් පරීක්ෂකවරුන් අපේක්ෂා කරන බවයි ඔවුන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post