News Line| Off Air
Generic placeholder image

Oct
9

ශ්‍රී ලාංකික නිර්මාණවේදිනියකගේ විලාසිතා එකතුවක් ප්‍රථම වරට “Paris Fashion Week” හිදී එළි දකියි

381 Views


ශ්‍රී ලාංකික නිර්මාණවේදිනියකගේ විලාසිතා එකතුවක් ප්‍රථම වරට “Paris Fashion Week” හිදී එළි දකියි

ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු මෙවැනි ජාත්‍යන්තර උළෙලකදී සිය නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දුන් අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්නට හැකියි. ඇයගේ ‘Spring/Summer 2026 collection’ (වසන්ත/ගිම්හාන 2026 එකතුව) නම් වූ අලංකාර කාන්තා ඇඳුම් විලාසිතා එකතුව, බැලියරික් දූපත්වල (Balearic Islands) ස්වභාව සෞන්දර්යයෙනුයි ආභාෂය ගෙන නිර්මාණය කොට ඇත්තේ.

මෙම විලාසිතා දැක්ම පැරිසියේ Hotel Le Marois හී දී පැවැත්වූ අතර, විලාසිතා කර්මාන්තයේ වෘත්තිකයන් සහ හවුල්කරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ඊට එක්ව තිබෙනවා. ‘ANAYA Collection’ හි නිර්මාතෘ සහ කලාත්මක අධ්‍යක්ෂිකා වන චතුරි සමරවීරගේ මෙම ජයග්‍රහණය අන්තර්ජාතික විලාසිතා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ අවස්ථාවක් ලෙස ප්‍රංශ තානාපති කාර්යාලය ද සිය සුබ පැතුම් පිරිනමා තිබුණා. ශ්‍රී ලංකාවේ සිට ගෝලීය වේදිකාවක් කරා ඇයගේ මෙම ගමන ඇයගේ දැක්ම, ඇය සතු නිර්මාණශීලීත්වය සහ කැපවීම පිළිබඳ මනා සාක්ෂියක්.

සියත අපෙන් ඇයට උණුසුම් සුභ පැතුම් !


News Articles
Latest Videos
Most Popular Post