ශ්‍රී ලංකා පරිගණක සමාජය විසින් සංවිධානය කරනු ලබන 43 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ (NITP 2025) රන් අනුග්‍රාහකත්වය මෙවර Kaspersky ආයතනය විසින් ලබාගෙන තිබෙනවා. “මානව කේන්ද්‍රීය ජාතියක් බිහිකිරීම (Fostering a Human-Centric Nation: Towards Society 5.0) තේමාව යටතේ 2025 ඔක්තෝබර් 14 සිට 16 දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත මෙම සමුළුවට දේශීය හා විදේශීය දේශකයින් 30කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Kaspersky මෙම අනුග්‍රාහකත්වය දක්වන අතර, එහි කලාපීය කළමනාකරු වන මොහ්නිස් මනුකුලසූරිය ඔක්තෝබර් 16 වැනිදා සයිබර් ආරක්ෂණ රාමුවක් නිර්මාණය කිරීම පිළිබඳව දේශනයක් ද පැවැත්වීමට නියමිතයි. ඩිජිටල් පරිවර්තනය හමුවේ සයිබර් ආරක්ෂණයේ අවශ්‍යතාවය අවධාරණය කරන Kaspersky වඩාත් සුරක්ෂිත ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය කිරීමට දේශීය පාර්ශ්වකරුවන් සවිබල ගැන්වීමටද අපේක්ෂා කරයි.
වැඩිදුර තොරතුරු – https://nitc.lk
