15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කල 54 හැවිරිදි ඥාති සීයා කෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය සහ අදාල දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියන් ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයකදී ය.
මෙම දැරිය ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් පොත් පත් පරික්ෂා කිරීමේදී අදාල දැරියගේ ඉතිහාසය පොතේ පිටු අතර ” මහතුන් සීයා මට මතක් වෙනවා..” යනුවෙන් සටහන් කර තිබෙනවා. මේ සිදුවීම ගැන ශිෂ්‍ය නායිකාවන් විසින් පන්තිභාර ගුරුවරිය දැනුවත් කර ඉන් පසු ගුරුවරිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මේ පිලිබදව සොයා බැලීම සදහා ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන් අනතුරුව සිදු කරනු ලැබු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය අවස්ථා ගණනාවකදී ඇයගේ ළගම ඥාති කෙනෙකු වන සීය කෙනෙකු අතින් අපයෝජනය වී ඇති බවයි. මේ අනුව අදාල 54 හැවිරිදි පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.