News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ලංකාවේ පළමු සහ එකම ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොළ වලව්වේ.

1078 Views


ලංකාවේ පළමු සහ එකම ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොළ වලව්වේ.

මහනුවර ඇහැලේපොළ වලව්වේ පිහිටා තිබෙන මෙරට මුල්ම සහ එකම ඉටි රූප කෞතුකාගාරය නුදුරේදීම විවෘත කිරීමට නියමිත නිසා ඊට සමගාමීව ශ්‍රී දළදා මාලිගාවේ දී සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම පුණ්‍යක්‍රියාව සංවිධානය කර තිබෙන්නේ ඇහැලේපොළ පවුලේ සාමාජිකයින්ට සහ කෞතුකාගාරය සාදා නිම කිරීම සඳහා වෙහෙස මහන්සි වූ සැමට පින් පැමිණවීම පිණිසයි.
මෙම ඉටි කෞතුකාගාරය සැලසුම් කර ඇත්තේ මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්පය, සම්ප්‍රදාය, සංස්කෘතිය, ආහාර ආදිය මෙන්ම කලා ශිල්ප පිළිබඳ මූලික අධ්‍යයනයක් ජනතාවට ලබා දිමේ අරමුණෙනි.
යටත් විජිත සමයේදී මෙම වලව්ව වෙනස් කර සිරගෙයක් ලෙස පාවිච්චි කර තිබූ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත්ව පැවති මෙම ඓතිහාසික ස්ථානය පසුව නගරික සංවර්ධන අධිකාරිය වෙත භාර කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියන 150ක් වැයකොට අලුත්වැඩියා කිරීමෙන් පසු, විශේෂ දීමනා පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාවට පිරිනමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post