ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් (Big 7 Travel) විසින් ඔවුන්ගේ “ලෝකයේ හොඳම දූපත් 50” (50 Best Islands in the World) ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට ලබා දෙමින්, ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳා තිබෙනවා.
2025 වසර සඳහා වන මෙම ලැයිස්තුව ලෝකයේ වඩාත්ම විශ්මයජනක දූපත් ගමනාන්ත සමරන අතර, මෙහිදී ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා (Mo’orea, French Polynesia), ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් (Galapagos Islands, Ecuador) සහ සීෂෙල්ස් (Seychelles) වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන්ට වඩා ඉදිරියෙන් සිටීම සුවිශේෂී කරුණක්.
බිග් 7 ට්‍රැවල් ආයතනයට අනුව, ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රධාන හේතු වී ඇත්තේ එහි ඇති සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන සහ පිරිසිදු වෙරළ තීරයන්ගේ පොහොසත් මිශ්‍රණයයි. මීට අමතරව, එහි ඇති අද්විතීය වනජීවීන්, පුරාණ විහාරස්ථාන, සශ්‍රීක තේ වගාවන් සහ සජීවී දේශීය අත්දැකීම් සඳහාද ශ්‍රී ලංකාවට ප්‍රශංසා ලැබී තිබෙනවා.