අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පනවා ඇති සංක්‍රමණික තහනම තවදුරටත් දැඩි කරමින්, සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ගමන් සීමා පනවා ඇති රටවල් සංඛ්‍යාව 19 සිට 39 දක්වා ඉහළ නංවා තිබෙන බවට වාර්තා වනවා. වොෂින්ටන් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ජාතික ආරක්ෂක බලකා සෙබළෙකු මියයාමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව පලස්තීනය, සිරියාව, බර්කිනා ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානය යන රටවලට අලුතින් පූර්ණ ඇතුළුවීමේ තහනමක් පනවා තිබෙනවා.
මීට අමතරව ඇන්ගෝලා, නයිජීරියාව සහ ටැන්සානියාව ඇතුළු රටවල් 15ක් අර්ධ ගමන් සීමා පැනවූ ලැයිස්තුවට එක් කර ඇති බවත් ධවල මන්දිරය සඳහන් කර තිබෙනවා. විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ලද මෙම පියවර, ට්‍රම්ප්ගේ පළමු පාලන සමයේදී පැනවූ සහ පසුව ජෝ බයිඩන් විසින් ඉවත් කරන ලද මතභේදාත්මක සංක්‍රමණික තහනම සිහිගන්වන්නක් වන අතර, මෙවරද ඔහු ඉතා දැඩි ලෙස ආගමන විගමන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවක්ද දක්නට ලැබෙනවා.