ස්පාඤ්ඤ ජාතික බියට්‍රිස් ෆ්ලමිනි විද්‍යාත්මක පර්යේෂණයක කොටසක් ලෙස දින 500ක් පුරා ගුහාවක් තුළ හුදෙකලාව ජීවත් වෙමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබෙනවා. බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී සිටි ඇය, අතිශය හුදෙකලාව මිනිස් මනසට බලපාන අයුරු නිරීක්ෂණය කිරීමට දායක වී තිබෙනවා. මෙහිදී අනාවරණය වූ වඩාත් විස්මිත කරුණ වූයේ දීර්ඝ කාලීන හුදෙකලාව හමුවේ මිනිසාට කාලය පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම ගිලිහී යන ආකාරයයි.
2023 අප්‍රේල් 12 වන දින ඇය ගුහාවෙන් පිටතට පැමිණි විට පැහැදිලි වූ ප්‍රධානතම කරුණක් වූයේ, කාලය යනු කෙතරම් නම් වෙනස් වන සුළු දෙයක්ද යන්නයි. කාලය පිළිබඳ හැඟීම ඔරලෝසුවකට වඩා පුද්ගල පෞරුෂය සහ අවට සිටින මිනිසුන් මත තීරණය වන බව ඉන් පෙනී ගොස් තිබුණේ. ඇය දින 500ක් එහි ගත කළද, ඇයට හැඟී තිබුණේ දින 170ක් වැනි කෙටි කාලයක් පමණක් ගත වූ බවයි.