පසුගිය වසර 41ක චන්ද්‍රිකා දත්ත පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ඉදිරි සති කිහිපය තුළ ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ගෝලීය කෘෂිකර්මාන්තයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ අප්‍රිකානු කලාප ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවිබිම් ඉදිරි මාස කිහිපයේදී නියඟයකට ලක්වීමේ සම්භාවිතාව සියයට 50 ඉක්මවන බවයි එහි සඳහන් වන්නේ. වර්තමානයේ පවතින අධික ගෝලීය උෂ්ණත්වය, කලාපීය ගැටුම් සහ පවතින ආහාර අනාරක්ෂිතභාවය වැනි සාධක නිසා මෙවර එල්නිනෝ තත්ත්වය බලපෑමට ලක්වන ප්‍රදේශවලට අතිශය දරුණු සහ පීඩාකාරී ප්‍රතිවිපාක රැගෙන එනු ඇතැයි FAO ආයතනය වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.