News Line| Off Air| Games
Generic placeholder image

Mar
3

වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය එළියට – සැකකරුත් සිය දිවි නසා ගනී

2567 Views


වේල්ලවීදියෙන් හමු වූ  කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය එළියට – සැකකරුත් සිය දිවි නසා ගනී

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ෂණවලදී හෙළිව තිබෙනවා.

ලබා ගත් සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය දැක්වෙන අතර ඉන් අනතුරුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන් ගෙන තිබෙනවා.

ඒ අනුව අදාල එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවත් මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සැක පළ කරන්නේ.

අදාල සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාද සිය නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී සිද්ධියෙන් පසු සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post