News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

Fish oil ලබා ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ

1042 Views


Fish oil ලබා ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ ආහාරයක් වන මාළු ආහාරයට එකතු කර ගැනීම ශරීරයට කොතරම් ගුණදායක ද කියලත් අපි දන්නවා. මේ මත්ස්‍යයන් තුළ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා මාළු අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔමේගා ත්‍රී අපේ ශරීරයෙන් නිෂ්පාදනය කරන්නට නොහැකි නිසා ඒවා අපේ ආහාරවලින් ලබාගත යුතු වෙනවා.

මේ ඔමේගා 3 ආහාර වේලෙන් පමණක් ප්‍රමාණවත් ලෙස සපුරා ගන්නට නොහැකි නිසා එය අතිරේකයක් වශයෙන් ලබා ගන්නට බොහෝ දෙනෙක් කටයුතු කරනවා. විශේෂයෙන්ම හොඳ ඔමේගා ත්‍රී ප්‍රමාණයක් දිනපතා ලබා ගන්නට නම් හොඳ මාළු ප්‍රමාණයක් දිනපතා පරිභෝජනය කිරීම කළ යුතුයි.

ෆිෂ් ඔයිල්, මෝර තෙල්, මෝර ගුලි එහෙමත් නැත්නම් cod liver oil ලෙසත් හඳුන්වන මේ fish oil අද බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ආහාරමය අතිරේකයක්.

මෝර තෙල් භාවිතයෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ

හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩු කරනවා

ඔමේගා ත්‍රී මේද අම්ල මගින් ට්ර්යිග්ලිසරයිඩ් විශාල ප්‍රමාණයකින් අඩු කරන්නට දායක වෙනවා. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නටත් දායක වෙනවා. ඔමේගා 3 වලට හැකියාව තියෙනවා රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වා හානිදායක රුධිර කැටි ගැසීම් වලක්වා ගන්නවා .එසේම ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් දායක වෙන ඔමේගා ත්‍රී අඩංගු මෝරතෙල් හදවතේ ගැටළු ඇති වීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා.

දියවැඩියාව ඇතිවීම පාලනය කරනවා

මෝර තෙල්වල අඩංගු වන විටමින් ඒ වගේම එහි අඩංගු ඔමේගා 3 ශරීරයේ ඉන්සියුලින් මට්ටම හොඳින් පාලනය කරන්නට උදව් වෙනවා. එමඟින් පළමු වර්ගයේදී දියවැඩියාව ඇති වීමේ අවදානම විශාල වශයෙන් අඩු කරන්නට පුළුවන්.

පිළිකා මර්දනය කරනවා

කාන්තාවන් භාවිතා කළ යුතු තෙල් වර්ගයක් විදියට මෝරතෙල් හඳුන්වන්නට හැකියාව තියනවා. මෝරතෙල් කාන්තාවන්ගේ වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්ථිවල ගැටලු සඳහා වගේම කාන්තාවන් බහුතරයකට ඇතිවන පියයුරු පිළිකා මර්දනය කිරීමේ හැකියාවකුත් මේ මෝර තෙල් සතු නිසා. මේ මගින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම පියයුරු පිළිකා මර්දනය සඳහා දිගුකාලීන ප්‍රතිකර්මයක් ලෙසත් මෙය ඉතා වැදගත් බවයි සොයාගෙන ඇත්තේ.

ස්වසන රෝග අවම කරනවා

ආසාත්මිකතා වගේම ස්වසන පද්ධතිය ආශ්‍රිත විවිධ රෝග අද වෙද්දි දරුවන් අතරත් බහුලවම දකින්නට ලැබෙනවා. මේ මෝර තෙල්වල ඔමේගා 3 වලට අමතරව විටමින් A, D, සහ E අන්තර්ගත වෙන නිසා එය විවිධ ආසාත්මිකතා සහ ඉදිමුම් ආදි ප්‍රදාහ තත්ත්වයන් වළක්වාලන්නට උදව් වෙනවා. ඒ වගේම ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්නට හැකියාව තියෙනවා.

ඇස්වල පෙනීම වැඩි දියුණු කරනවා

ප්‍රමාණවත් ලෙස ඔමේගා 3 ලබාගැනීම අක්ෂි පරිහානිය අවදානම අඩු කරන්නට උදව් වෙනවා. එය දෘෂ්ටි ආබාධ සහ අන්ධභාවය ඇති වීමේ අවදානම අඩුකර අක්ෂි සෞඛ්‍ය නිරෝගී කරනවා. ඇසේ පටක වර්ධනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි ඇසේ පීඩනය හා ග්ලුකෝමා තත්ත්වයන් ඇතිවීමත් පාලනය කරනවා.

ළදරුවන්ගේ මොළය වර්ධනය කරනවා.

ගර්භණි සමයේදී ප්‍රමාණවත් පරිදි ඔමේගා 3 ලබාගැනීමෙන් දරුවාට ඉහළ බුද්ධියක්, වඩා හොඳ සන්නිවේදනයක් සහ සමාජ කුසලතා වර්ධනයත් චර්යාත්මක ගැටලු ඇති වීමත් අඩු කරනවා.

නමුත් ගර්භනී ඔබ ඔමේගා 3 ලබා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. ගර්භනී අවස්ථාවේදී ෆිෂ් ඔයිල් ලබා ගැනීම සඳහා මාළු භාවිතා කරන විට එය විශාල ප්‍රමාණයකින් ගැනීම සුදුසු නැහැ. ඒ නිසා සතියකට දෙවතාවක් මුහුදු මාළු ලබා ගත යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

අකලට වියපත් වීම වළක්වා තරුණ පෙනුම රැක ගන්නවා

මෝර තෙල්වල අඩංගු වෙන ඔමේගා 3 වියපත් වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරමින් සම සහ හිසකෙස් ආදියේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නට උදව් වෙනවා.

නිරෝගී සමක් ලබාදෙනවා

සමේ තෙතමනය ආරක්ෂා කිරීමට, සමේ කුරුලෑ, ලප කැළැල් ඇති වීම අඩුවීමටත් උදව් වෙන මේ ඔමේගා 3 භාවිතයෙන් අකලට වියපත් වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා.

ෆිෂ් ඔයිල් මගින් බොහෝ ප්‍රතිලාභ ගෙන දුන්නද එය නිසි මාත්‍රාවෙන් ලබා ගැනීම ඉතාම වැදගත්.


News Articles
Latest Videos
Most Popular Post