News Line| Off Air| Games
Generic placeholder image

Jul
28

කොරෝනා ලොව දුර්වල නායකයින්ගේ වෙස් මුහුණු ගලවයි

2232 Views


කොරෝනා ලොව දුර්වල නායකයින්ගේ වෙස් මුහුණු ගලවයි

ලොව පුරා තවදුරටත් ව්‍යප්ත වෙමින් යන කොරෝනා වෛරසය හමුවේ ලොව ධනවත් රටවල්වල ආණ්ඩු එම වෛරසය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් එම රවටල් වල සිටින ජනතාවට එම ආණ්ඩු කෙරෙහි තිබුණු විශ්වාසය බිද වැටි තිබෙන බව දක්නට ලැබෙන කරුණක්..

විශේෂයෙන්ම ලොව ධනවත්ම රටවල් හයක ආණ්ඩු කෙරෙහි ජනතාව තැබූ විශ්වාසයන් බිද වැටි තිබෙනවා. මේ අනුව ප්‍රංශය , බ්‍රිතාන්‍ය , ජපානය , ස්වීඩනය , ඇමෙරිකාව වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයින් ගේ ගණන සහ මරණ ගණන වාර්තා වන ගන්නට වඩා වැඩි යැයිද විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අතර බ්‍රසීල නායක බෝල්සොනරෝ නව කොරෝනා වෛරසය පාලනය නොකළ බවට දැඩි ලෙස විවේචනයට ලක් නායකයෙකි. තමන්ට තිබෙන්නේ පුංචි උණක් ය යන්න පවසමින් හා වෛරසය අසාදනය වී තිබියදී ජනපතිවරයා යතුරු පැදියකින් ගමන් කරන අයුරුත් ආදිය එම නායකයින්ගේ හැසිරීම ලෝක ජනතාවගේ උපහාසයට ලක් වී හමාරය. එමෙන්ම ඇමෙරිකාවේ ජනපති ට්‍රම්ප් ද එසේය.. වගකීම් විරහිතව ආණ්ඩු කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

ලොව බොහෝ රටවල නැවත වරක් වෛරසය පැතිර යෑමේ තත්වයක් ඇති ව තිබෙන්නේ ද මේම ක්‍රියාවන් හේතුවෙන්ය. කෙසේ වෙතත් කොරෝනා හමුවේ දුර්වල ආණ්ඩු කරන ලෝක බලවතුන් කියන නායකයින්ගේ වෙස් මුහුණ ගැලවී තිබෙන අයුරු ලෝකයට පෙනෙන්නට තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post