News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

අකිල – ජනපති කොමිසමට

346 Views


අකිල – ජනපති කොමිසමට

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙන බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු වාර්තා කළා. ඒ අනුව ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ දිනයේ සිතාසි නිකුත් කර ඇත.

එමෙන්ම ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ඊයේ දිනයේ දී ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදුකර ඇති අතර එහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී ඇති බව සඳහන්ය. පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාට පෞද්ගලිකවම කතා කර ඔහුගේ ජායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සියලුම පෙළපොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම්දුන් බවයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post