සියත මාධ්‍ය ජාලය යළිත් සම්මානයට පාත්‍ර කිරීමට සියත එෆ් එම් උපදේශක අරවින්ද ලොකුගේ සමත් වුණා. ඒ, ස්ලිම් කැන්ටාර් සම්මාන උලෙළේදී වසරේ ජනතා රේඩියෝ නිවේදක සම්මානය දිනා ගනිමින්. අරවින්ද, මෙම සම්මානය අඛණ්ඩව 09 වන වරටත් දිනා ගනිමින් වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා. ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!
ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්. ඇය සුරූපී තරුණියක්. තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූපවලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ. ඡායාරූප පහතින්,
කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ගීත්මා පසුගිය දිනක ලස්සන ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින්,
නමින් රෙයින් ඉමාෂ් කරුනාරත්න කීවම දැන් ලංකාවේ වගේම ඉතාලියේත් ගොඩක් ජනප්‍රිය පුංචි දරුවෙක්. මේ පුංචි රෙයින්ගේ වයස අවුරුදු 8ක්. රෙයින් ඉපදෙන්නේ ඉතාලියේ. ඒ 2016/05/19 වැනිදා. රෙයින්ගේ මව පියා ශ්‍රී ලාංකිකයින්. ඔවුන් මේ වන විට ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ. මේ වන විට රෙයින් මිලානෝවල ඔපෙරා ඉන්ට්‍රනැෂනල් මියුසික් පාසලෙන් සංගීතය හදාරමින් සිටිනවා. මොහු පුංචි කාලයේ සිටම ගායනය වාදනය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රිඩකයකු වන තිලකරත්න ඩිල්ෂාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වී දැනට ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂක සහ ලෝක බේස්බෝල් සංගමයේ බේස්බෝල්5 තාක්ෂණික කමිටුවේ සාමාජික ලෙසත් කටයුතු කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සුජීව විජයනායකගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුජීව විසින් ජපානයේ සහයෝගීතාවයෙන් එක් රැස් කරන ලද බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ (රබර් බේස්බෝල් 2400ක් සහ […]
වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා. මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්. ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) අතර හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ජනාධිපතිවරයා ඉදිරියේදී සහතික වී තිබෙනවා.
මෙක්සිකෝවේ කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී මියගොස් තිබෙනවා. ඇය සිය දරුවා සමඟ ඡායාරූපය ගැනීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. කැනඩාවේ සිට අමෙරිකාව හරහා මෙක්සිකෝවට ගමන් කළ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මේ අතර බ්‍රසීලයේ uberada ප්‍රදේශයේදී ද කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී තිබෙනවා.
ඇමති කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලි බිල ජූලි මස පළවෙනිදා සිට අඩු කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව ඒකක බින්දුවත් 30ත් අතර මිල රුපියල් 06 දක්වාත්, ඒකක 30 – 60 අතර රුපියල් 09 දක්වාත් අඩු කෙරෙනු ඇති. ඒකක 60 – 90 රුපියල් 18 දක්වා අඩු වන අතර ඒකක 90 සිට 120 දක්වා මිල […]
ජූනි පළවෙනිදා සිට මෙරට සංචාරකයන්ට වීසා රහිත ප්‍රවේශයක් ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා. මෙම ප්‍රවේශය දින 60ක කාල සීමාවක් සඳහා වලංගුවනවා.
හිටපු ජනාධිපති රයිසිගේ මරණය සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් වූ දෙවන වාර්තාව ද නිකුත් කර තිබෙනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමුවී නැති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. හෙලිකොප්ටරයේ සුන්බුන් සහ සිරුරු කොටස් මත නියදි පරීක්ෂාවන් ද සිදුකර තිබෙනවා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර කතාබහ ද පටිගත කිරීම් ඔස්සේ පරික්ෂා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවසන් […]