ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ […]
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඊයේ (31) හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර ළමයින් 12 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ. ගින්නෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම මහල් නිවාසයේ වැඩි වශයෙන් ජීවත්ව ඇත්තේ සංක්‍රමණිකයන් බවයි එරට බලධාරීන් පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
උතුරු කොරියාව දකුණු කොරියානු මුහුදට කෙටිදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම න්‍යෂ්ටික ප්‍රහාර මෙහෙයුම දියත් කල බවයි එරට රජය පවසන්නේ. උතුරු කොරියා මෙම ප්‍රහාරවලින් බලාපොරොත්තු වන්නේ ඕනෑම ආකාරයකින් දකුණු කොරියාව අත්පත් කර ගත හැකි බවයි.
ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළයෙන් ජීවී පණුවෙකු හමු වී තිබෙනවා. 64 වයසැති එම කාන්තාවගේ මොළයේ සෙන්ටිමීටර 8ක පමණ පණුවෙකු සිටි බවයි වාර්තා වන්නේ. ඇයට අමතක වීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙනුයි වෛද්‍යවරයා හමුවී ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සිටින විෂ රහිත සර්පයන්ගේ ශරීර තුළ වැඩි වශයෙන් මෙම පණු වර්ගය සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සහ […]
ඉන්දුනීසියාවේ බාලි මුහුද අභ්‍යන්තරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. එය රික්ටර් පරිමාණ ඒකක 7ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එරට වේලාවෙන් අද අලුයම 4ට පමණ මෙම කම්පනය සිදු වී ඇති බවයි ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය පවසන්නේ. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.
හොරණ ප්‍රදේශයේ තරුණියක් ඊයේ අභිරහස් ලෙස මිය ගොස් තිබුණා. ඇගේ මරණයට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ අතර කරාපිටියේ දී මිය ගිය බිළිඳාගේ ආශ්‍රිතයින්ට සෞඛ්‍ය අංශ විශේෂ දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාර දුන්නා. වන විට රෝහල්වල සිදු […]
ප්‍රංශයේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් සිසුවියන්ට අබායා ඇඳීම තහනම් කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රංශ පාසල්වල අබායා පැළදීම සම්බන්ධයෙන් මාස ගණනාවක් සිදුකළ විවාදයකින් අනතුරුවයි. අබායා යනු මුස්ලිම් කාන්තාවන් අඳින දිග ගවුමයි. සැප්තැම්බර් 04 වන දා ආරම්භ වන නව පාසල් වරායත් සමඟ වහාම මෙම නීතිය ක්‍රියාත්මක කරන බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. […]
ඇන්ටාටික් සාගර කලාපයේ පෙන්ගුයින් පැටවුන් දහස් ගණනක් මියයාමේ පුවතක් වාර්තා වනවා. එම කලාපයේ ඇතිව තිබෙන දේශගුණික විපර්යාස හේතුවෙන් අයිස් දියවී යාම නිසා මෙම මියයාම් සිදුවන බවයි වාර්තා වන්නේ. සාගරයේ පිහිනීමට අවශ්‍ය පිහාටු වර්ධනය වීමටත් පෙර මසුන් දියේ ගිලී මියයාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. මෙලෙස ගෝලීය උණුසුමත් සමග අයිස් දියවීම වැඩි වුවහොත් පෙන්ගුයින් කුරුල්ලන් මෙම සියවස තුළ […]
අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇට්ලන්ටාහි පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ ට්‍රම්ප් ඩොලර් ලක්ෂ 2 ක (200,000) ඇප බැදුම්කරයක් මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. 2020 වසරේ මැතිවරණ ප්‍රතිඵලයන් වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුලු තවත් 18 දෙනෙකුට වෝදනා එල්ල වී තිබුණා. ඇට්ලන්ටාහි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි […]
පෙරුම් පිරූ නමුත් සැබෑ කර ගැනීමට අපහසු වූ බලාපොරොත්තුවකට පණ දුන් පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා. ඒ 34 හැවිරිදි දරු ඵල නොමැති කාන්තාවකට ඇයගේ වැඩිමල් සොයුරියගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමයි. පැය 9යි විනාඩි 20කට පසු ඇයගේ ගර්භාෂය බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කල බව වාර්තා වනවා. මෙම සැත්කම සදහා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුලු 20 දෙනෙකුගෙන් පමණ […]
ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 යානයේ වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කල පරිදි ඊයේ (23) සවස 6.4ට සාර්ථකව සඳට ගොඩබැසීම සිදුකළා. මේ වන විට එහි රෝවරය සඳ මත පළමු පියවර තබා ඇති අතර සඳ මත ඇවිද ගිය බවයි ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. එසේම එය සඳේ ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින් විශ්ලේෂණය සඳහා දත්ත සහ පින්තූර රැස් කරන බවද […]
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. වනිඳු සිය තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මඟින් දන්වා ඇති බවයි ක්‍රිකට් ආයතනය තහවුරු කළේ. අදාළ ලිපිය පහතින්,