ඉන්ධන පිරවුම් හලක් වෙත ගොස් රුපියල් 1500ක් ලබා දී ඉන්ධන ලබා ගත් පුද්ගලයෙකු හට එම ඉන්ධන හලේ සේවකයින් පිරිසක් වීසින් රුපියල් 150 ක සරිලන ආකාරයට ඉන්ධන ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. හම්බන්තොට ඉන්ධන පිරවුම් හලකින් මෙම පුවත වාර්තා වෙනවා. එනම්, ඉන්ධන පිරවීමේ දී එතරම් සැලකිල්ලක් නොදැක්වූ පාරිභෝගිකයෙකු රවටා මුදල් ලබා ගත් මෙම සේවකයින් තිදෙනා […]
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වසර 04 ක බරපතල සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක මහතා අද, දින 14 නිරෝධායනය අවසන් කිරීමෙන් පසු මීගමුව පල්ලන්සේන සිර කඳවුරේන් අගුණූකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මුහුණු ආවරණ තුල සඟවා ගෙන හෙරොයින් අලෙවි කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී එක් මුව ආවරණයක් තුළ හෙරොයින් මිලිග්‍රෑම් 1270 ක් තිබී හමුව තිබි ඇති අතර රහසිගත සාක්කු තුළ හෙරොයින් මිලිග්‍රෑම් 1055 ක් තවත් මුහුණු ආවරණය තුල තිබී හමුව තිබෙනවා.
ගාල්ල – අහුන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාගේ බ්රිද පොලිසියට සදහන් කලේ ඉකුත් 24 වෙනිදා පුද්ගල කණ්ඩායමක් විසින් පොලිසිය බව පවසා වෑන් රථයකින් සිය නිවසට පැමිණ සිය පුත්‍රයා අවශ්‍ය බව සදහන් කරමින් ඔහු නිවසේ නොසිටි නිසා තම සැමියාව රැගෙන ගිය […]
ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 05ක් මේ මස 28 වෙනිදා ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන බවට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පිලිබදව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය (Elevated expressway) ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවාට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.
ගෙවුණු 17 දින සිට 23 දින දක්වා සතියක් තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා. එමෙන්ම 90 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම සතියක කාලය තුල රිය අනතුරු 427 ක් සිදුව ඇති බව ද සදහන්. ගෙවුණු පැය 24 ක කාලය තුල ද […]
බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබෙනවා. එමෙන්ම ගතවු පැය 24 තුළ බස්නාහිර පළත තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 24 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. දෙදරු මවක් වන එම කොස්තාපල්වරිය සිය දිවි හානි කරගෙන මෙලෙස මිය ගොස් ඇත්තේ ඇයගේ වැඩිමහල් දරුවා අසනීප තත්වයෙන් පසු වීම නිසා සිය සැමියා ඒ පිලිබදව සැලකිලි නොදැක්වීම නිසා ඇති වූ කනස්සල්ල නිසා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව […]
වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ තිබේ. වතු […]
මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ සවස අදාල පුද්ගලයාව තියුණු ආයුධ වලින් පහර දී ඔහුගේ එක අතක් ද වෙන්වන සේ කපා දමා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ . මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
කොරෝනා වෛරසයට එරෙහිව මේ වන විට ලොව පුරා නිපදවා ඇති එන්නත් අතර භාවිතා කෙරෙන මොඩර්නා එන්නත කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වන බව මේ වන විට කරන ලද පරීක්ෂණ තුලින් තහවුරු වී තිබෙනවා.