News Line| Off Air| Games
Generic placeholder image

May
20

ඉන්දීය මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම අවසන් – ජය මෝදිටද ? රාහුල්ටද? තීරණය 23 වෙනිදා

623 Views


ඉන්දීය මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම අවසන් – ජය මෝදිටද ? රාහුල්ටද? තීරණය 23 වෙනිදා

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වූණා.ඒ, ප්‍රාන්ත 13 ක් කේන්ද්‍ර කර ගනිමින්.ඒ අනුව පන්ජාබ්, උත්තර ප්‍රදේශ්, බටහිර බැංගලෝරය, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල්, ජාර්ඛන්ද් සහ චන්දිගර් යන ප්‍රාන්තවල මැතිවරණ ආසන 59 ක ඡන්ද විමසීම පැවැත්වූ අතර ඒ සමග ඉන්දීය මැතිවරණයේ ජන්ද ප්‍රකාශයට පත්කිරීම අවසන් වුණා.ඊයේ දිනයේදී පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණයට ඉදිරිපත්ව සිටින වරනාසී ආසනයේ ඡන්ද විමසීම ද ඊයේ පැවැත්වීම විශේෂත්වයක්.

අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයට තරග කරන්නේ සිය දෙවැනි ධූර කාලය වෙනුවෙන්. කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදීයා ලෙස මහ මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටිනවා.කෙසේ වෙතත් මෝදි ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති පසුබිමක පැවැත්වෙන මැතිවරණයේ වැඩි වාසි රාහුල් ගාන්ධිට හිමිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා.කෝටි 900 ඉක්ම වූ පිරිසකගේ ජනතා පරමාධිපත්‍යයෙන් තේරීපත්වන ඉන්දීයාවේ ඊළඟ හිමිකරුවා කවුරුන්දැයි එරට මැතිවරණ කොමිසම ලබන 23 වැනි දා නිවේදනය කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post