News Line| Off Air| Games
Generic placeholder image

Jan
28

ගැබිනි ගුරුවරියන්ගේ නිර්දේශ ඇඳුමට විදුහල්පතිවරුන් බාධා කරයි

1336 Views


ගැබිනි ගුරුවරියන්ගේ නිර්දේශ ඇඳුමට විදුහල්පතිවරුන් බාධා කරයි

ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය ආරක්ෂාවන පරිදි වෛද්‍යවරුන්ගේ ද නිර්දේශ මත පාසල් ගුරුවරියන් වෙනුවෙන් හඳුන්වාදෙන ලද මෙම ඇඳුමට විරුද්ධ වීම පදනම් විරහිත සහ කණගාටුදායක තත්වයක් බවත් ඒයින් ගර්භිනී ගුරුවරියන් අපහසුතාවට පත්වන කාරණයක් බවත් අමාත්‍යාංශය පවසනවා.

ඒහෙයින් කිසිදු අයුරකින් හෝ මෙම ඇඳුමට විරෝධය පළකිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නොමැති බවත් එවැනි විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 වෙත වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරියන්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post