News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනපති මෛතී‍්‍ර පිළිගනී

602 Views


ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනපති මෛතී‍්‍ර පිළිගනී

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සදහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා වී තිබෙනවා.

ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරිහු ද එම අවස්ථාවට එක්ව සිටියා.

ජපාන රජයේ විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්ව සිටින අතර ලෝකනායකයන් රැසක් සහභාගීවන ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය හෙට දහවල් ටෝකියෝහි දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණගැසීමට ද නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post