News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

දකුණු මුහුදේ සොයා ගත් කුඩු තොගය හා මදුෂ් අතර සම්බන්දයක්

519 Views


දකුණු මුහුදේ සොයා ගත් කුඩු තොගය හා මදුෂ් අතර සම්බන්දයක්

දකුණු ප්‍රදේශයෙ හමු වු ඉරාන යාත්‍රාව මගින් මාකදුරේ මදුශ්ගේ මත් කුඩු තොගයක් සොයා ගෙන ඇති බවට තොරතුරු හෙලි වී තිබෙනවා. කලක් සිට ඔහු මෙම යාත්‍රාව මගින් මෙරටට මත් කුඩු ප්‍රවාහනය කර ඇති බව සදහන් වෙන්නෙ.

කුලී පදනම මත අදාළ යාත‍්‍රාව ලබාගෙන මත්කුඩු ප‍්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ද මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් බවට ද වැඩිදුරටත් සඳහන්. දකුණු මුහුදු තීරයේ දී ඉරානයට අයත් යාත‍්‍රාවකින් මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන එන අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින්.

එහිදී හෙරොයින් කිලෝ 107යි ග‍්‍රෑම් 22ක් සොයා ගැණුනා. එහි වටිනාකම රුපියල් කෝටි 120කට අධිකයි. මෙම යාත‍්‍රාව මීට දින 14කට පෙර ඉරානයේ ධීවර වරායක සිට මෙරටට පැමිණ ඇතැයි සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post