News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

මම දිනවපු ජනපති කෙනෙක් ඇවිල්ලා ඔක්කොම විනාශ කළා

632 Views


මම දිනවපු ජනපති කෙනෙක් ඇවිල්ලා ඔක්කොම විනාශ කළා

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව හෙළි කළාය.

හොරගොල්ල, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ඊයේ (21දා) පැවැති වැඩසටහනකදී ඇය මේ බව prakaasha kaLaa.

“අපේ ප්‍රධාන පාසල්වල දරුවෝ ගෙනල්ල අනිත් අයට මත්කුඩු විකුණන තත්ත්වයක් තිබෙනවා. මේක kaagewath වරදක් නෙමෙයි. මුළු සමාජයම පවතින දෙයක්. ප්‍රධානම වැරැද්ද ආණ්ඩුකරන අයගේ.

අර මන්ත්‍රීවරු ගහගත්ත හැටි පාර්ලිමේන්තුවේ පුටුව උස්සලා, උත්තරීතම තනතුර වන කථානායකට සලකපු හැටි දකින්න ඇතිනේ.

මම දන්න තරමින් වනාන්තරවල ඉන්න වන සත්තුවත් oya widhiyata හැසිරෙන්නේ නෑ. හැබැයි අද අපේ මන්ත්‍රීවර eහම හැසිරුණා. ඇමතිවරු වෙලා හිටපු අය, අගමැතිවෙලා හිටපු අය, ජනපති වෙලා හිටපු අයත් එහෙම හැසිරුණා.

ඒ සමාජයේ හොඳ අයත් ඉන්නවා. හොඳින් ඉන්න මිනිස්සු දේශපාලනයට යන්නේ nAhA. සමාජයේ ඉන්න අන්තිම රොඩු ටික තමයි දේශපාලනයට යන්නේ. ඉගෙන ගෙන නෑ. සාමාන්‍ය පෙළවත් පාස් නෑ ගෙඩ දෙනෙක්, යන්තම් උසස් පෙළ සමත්වෙලා තිyeනවා.

පාර්ලිමේන්තුවේ 5% කටවත් උපාධියක් නෑ. මටත් ඉල්ලන්න කියනවා. නමුත් මෙවැනි බලපෙරේත මිනිස්සු එක්ක ඉල්ලන්නේ නෑ.

දේශපාලන සංහිදියාවක් තිබුණේ නෑ. ප්‍රධාන පක්ෂ දෙක එක පක්ෂයක් බලය හිටපු කාලයේ කරපු ඔක්කොම වැඩ ටික වෙනස් කරනවා. ඒක හොඳද නරකද හොයලා බලන්නේ නෑ. අරගොල්ලෝ ආපුවාම ඔක්කොම අකාමකා දාලා වෙන දෙයක් පටන් ගන්නවා.

අන්තිමට වුණේ එක පක්ෂයේ ජනාධිපතිවරු දෙන්නෙක් ආවම මේ ජනපතිවරයා කරපු දේ අර ජනපතිවරයා විනාශ කරනවා. ඒක මගේ ආණ්ඩුවට වුණා. අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම අපේ පක්ෂයේ මමම දිනවපු ජනපති කෙනෙක් ඇවිල්ලා ඒ ඔක්කොම විනාශ කළා.”


News Articles
Latest Videos
Most Popular Post