News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

හේමසිරි සහ පූජිත්ට නීතිපතිවරයා ගොනු කල ප‍්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ලබන 09 වෙනිදා

397 Views


හේමසිරි සහ පූජිත්ට නීතිපතිවරයා ගොනු කල ප‍්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ලබන 09 වෙනිදා

රක්ෂිත බන්ධනාගාර ගත සිටිි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සම අද යළි විභාගයට ගැනුණු අතර නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ඔක්තෝබර් මස 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

පෙත්සම් විභාගය ඊයේ දිනයේදී ද පැවැත්වුණා. එහිදී හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණය විසින් සැකකරුවකු ලෙස පිළිගන්නේ ඔහුට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබේ නම් පමණක් බවයි.

එහෙත් රහස් පොලිසිය ගොනුකළ ”බී” වාර්තාව මගින් හේමසිරි ප‍්‍රනාන්දු මහතා රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවයි නීතීඥවරයා සදහන් කළේ.වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ පුජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නියෝගය තුළ කිසිදු නීතිමය දෝෂයක් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post