News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

සාග් උළලෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2 ක්

616 Views


සාග් උළලෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2 ක්

13 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ වූෂු පිරිමි ඉසව්ව සහ දුර පැනීම කාන්තා ඉසව්ව ජයගනිමින්.

එහෙත් ඊයේ දිනයේදී සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට හතරවන ස්ථානය දක්වා පසුබැස තිඛෙනවා.

පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සත්කාරක නේපාලයයි. ඒ රන් පදක්කම් 27 ක් රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් සමග සමස්ථ පදක්කම් 60 ක් දිනා ගනිමින්.

ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන්නේ රන් 23 ක් රිදී 19 ක් සහ ලෝකඩ 12 ක් සමග සමස්ථ පදක්කම් 54 ක් ලබාගනිමින්.

පාකිස්ථානයට පදක්කම් සටහනේ තුන් වන ස්ථානය හිමි වී ඇති අතර ලබා ගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 08 ක්. රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ 13 ක් සමග ඔවුන් සමස්ථ පදක්කම් 35 ක් දිනා ගෙන තිඛෙනවා.

ශ්‍රී ලංකාව දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ හතරවන ස්ථානයේ රැඳී සිටින අතර ඒ රන් පදක්කම් 7 ක් රිදී 18 ක් සහ ලෝකඩ 32 ක් සමග පදක්කම් 57 ක් ලබා ගනිමින්.

බංගලිදේශය, මාලදිවයින සහ භුතානය පිළිවෙලින් 5,6,7 යන ස්ථාන වල පසුවනවා.

13 දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලේ හතරවන දිනය අදයි.


News Articles
Latest Videos
Most Popular Post