News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

අද එක ලග්නයකට යුග දිවියට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

589 Views


අද එක ලග්නයකට යුග දිවියට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මස සැප්තැම්බර් 20 වෙනි සිකුරාදා
රාහු කාලය දිවා කාලය සඳහා  උදෑසන 3.10 සිට 4.41 දක්වා , රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 3.04 සිට 4.33 දක්වා.
සුභ දිශාව – දකුණ    
මරු සිටින දිශාව  – උතුර 

මේෂ ලග්නය

දවස සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – ලා රෝස පැහැය                                                ජය අංකය- 06

වෘෂභ ලග්නය

කායික ශක්තිය වැඩිවන දවසක් . සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
වර්ණය – සුදු පැහැය                                             ජය අංකය -05

මිථුන ලග්නය

ආර්ථික කටයුතු වලට සුබයි . අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නත් ඔබට අද අවස්ථාව හිමිවනවා ඒ වගේම තමයි ඔබ උගත් දෙයින් ඔබ සිතනවාටත් වඩා සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන්  අගමනුකුලව දවස අරඹ කරන්න .
ජය වර්ණය- ලා කොළ පැහැය                                                    ජය අංකය – 04

කටක ලග්නය

ලග්නයට අනුව අද දවස ඔබට සුබයි . ඒවගේම තමයි ගේ දොර අලුත් වැඩිය කටයුතු වලටත් සුබ දවසක්. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය – ඇත් දල පැහැය                                                           ජය අංකය – 03

සිංහ ලග්නය

අද දවස සුබයි ඔබගේ ලග්නයට අනුව කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත විටින් විට සුළු සුළු රෝගකාරී තත්ත්වයන් ඇතිවිය හැකි දවසක් ඒවගේම හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කළහැකි දවසක් ලෙස අද දවස පෙන්නුම් කරනවා ඒ වගේම තමයි අගමනුකුලව දවස අරඹ කරන්න දවසම සුබයි .
ජය වර්ණය- රන්වන් පැහැය                                          ජය අංකය -02

කන්‍යා ලග්නය

කතාවෙන් බහෙන් ඔබ අද දවස අන් අයව වසඟයට ගන්න දවසක්  ඒවගේම සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස අගමනුකුලව දවස ආරම්බ කරන්න.
ජය වර්ණය- ලා කොළ                                      ජය අංකය-  01

තුලා ලග්නය

කියන කරන දේවල් වලින් අද දවස ඔබට ඉතාම සාර්ථකයි ඒවගේම තමයි එම දේවල් නිසා අන් අය ඔබව බොහෝ ලෙස පිළිගන්න දවසක් . එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය – තැඹිලි පැහැය                                      ජය අංකය –  03

වෘශ්චික ලග්නය

 

අද දවස ඔබට සුළු සුළු ගැටළුකාරී තත්වයන් ඇති උවද ඒවා මැඩ පැවැත්විය හැකි දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය- ලා රතු පැහැය                                             ජය අංකය – 02

ධනු ලග්නය

රැකි රක්ෂා කටයුතු වලින් ඔබට සුබ දවසක් .වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය- ගුරු පැහැය                                                  ජය අංකය – 01

මකර ලග්නය

රාජකාරි ස්ථානයේ වගකීම් වැඩි වන දිනයකි. වෘත්තීමය වශයෙන් සිදුවන සාකච්ඡා සඳහා ඉතා යෝග්‍ය දිනයකි. බාධා කම්කටොලු ආවත් ඒවා සාර්ථකව ජයගන්නා දිනයකි. යුග ජීවිතයේ බාධාකරී තත්තවයන් ඇතිවේ. දුරගමන් යෙදෙන දිනයකි.
ජය වර්ණය- ලා දම් පැහැය                                 ජය අංකය – 03

කුම්භ ලග්නය

දවස සුබ දවසක්. පෙර පින ස්මතුවන දවසක්. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය – නිල් පැහැය                                                ජය අංකය- 08

මීන ලග්නය

දුදරුවන්ගේ වැඩකටයුතු වලට වැඩි කාලයක් මිඩංගු කල හැක. ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි.. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය – ගුරු පැහැය                                           ජය අංකය – 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී – ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන –   011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post