News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

හඩ පටයක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

638 Views


හඩ පටයක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා.

අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළා.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

“කෙසේ වෙතත්, ජනාධිපතිවරයා කෙරෙහි අපගේ ගෞරවය හා විශ්වාසය පිළිබඳ කිසියම් සැකයක් දුරු කිරීම සඳහා මම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා” යැයි යුක්‍රේන අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

තමන් සිදුකළ ප්‍රකාශයක් සැලසුම් සහගතව සංස්කරණය කොට මුදාහැර ඇති බවත් එය කිසියම් පිරිසක් විසින් සිදුකළ ක්‍රියාවක් බවත් මෙහිදී යුක්‍රේන අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්.

යුක්‍රේන ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව පවසමින් එරට විපක්ෂය විසින් අගමැති Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවත් යුක්‍රේන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post