News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාව යටත් කර ගන්න එන එංගලන්ත බලඇණිය මෙන්න.

882 Views


ක්‍රිකට් වලින් ශ්‍රී ලංකාව යටත් කර ගන්න එන එංගලන්ත බලඇණිය මෙන්න.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තියෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. කාලයක් ලංකාව යටත් කර ගන්න එංගලන්තය සමත් වුණා. හැබැයි ලංකාව ඒ පලිය ගත්තේ ක්‍රිකට් වලින්. ඒ ක්‍රිකට් ලෝකයට හඳුනවලා දුන්න එංගලන්තය ක්‍රිකට් වලින්ම පරද්දලා.

ලබන ඔක්තෝම්බර් මාසයේදී සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට එනවා. එක්දින තරඟ 5 ක් T20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3 ක් මේ සංචාරයට ඇතුලත්. ශ්‍රී ලංකාවේ සටනට යන එංගලන්ත එක්දින සංචිතය නම් කරලා තියෙනවා.

කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඉයන් මෝගන්. මොන් අලී, ජොස් බට්ලර්, ජෝයි රූට් වැනි ප්‍රභල ක්‍රීඩකයින් මේ සංචිතයට ඇතුලත්. එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලියාම් ප්ලන්කට් ගේ විවාහය හේතුවෙන් පළමු එක්දින තරග තුන සදහා ක්‍රීඩා කරන්නේ නෑ.

මේ තියෙන්නේ එක්දින සටන එන එංගලන්ත සංචිතය.

Eoin Morgan (capt), Moeen Ali, Jonny Bairstow, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, Alex Hales, Liam Plunkett, Adil Rashid, Joe Root, Jason Roy, Ben Stokes, Olly Stone, Chris Woakes, Mark Wood


News Articles
Latest Videos
Most Popular Post