News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

දවසින් දවස වැඩි වෙන පිළිකාවෙන් බේරෙන්න පහසු ක්‍රමයක්.

1056 Views


දවසින් දවස වැඩි වෙන පිළිකාවෙන් බේරෙන්න පහසු ක්‍රමයක්.

ගහක පිළිලයක් හැදුනම ඒ ගහ බලන් ඉන්දෙද්දී දිරා පත් වෙනවා. කොළ හැලිලා, ගහ වේලිලා යනවා. මිනිස්සුන්ටත් එහෙම වෙනවා. ඒ පිළිකාවක් හැදුනම. මේ වෙද්දී ලෝකය පුරා පිළිකා රෝගීන් මිලියන 18.1 ක් අලුතින් හඳුනාගෙන තියෙනවා.

පිළිකා ගැන පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධාන කියන්නේ 2012 දී ලෝකයේ පිළිකා රෝගීන් මිලියන 14.1 ක් වාර්තා වුණා කියලා. ඉන් මිලියන 8.1 ක් මිය ගිහින් තියෙනවා. එන්න එන්නම ලෝකයේ පිළිකා රෝගීන් ගණන් වැඩි වෙනවා.

පර්යේෂණ වලට අනුව සෑම පුරුෂයන් 5 දෙනෙක්ගෙන් 1 අයෙකුට පිළිකාවක් වැළඳෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සෑම කාන්තාවන් 6 දෙනෙක්ගෙන් 1 අයෙකුට පිළිකාවක් වැළඳීමේ ඉඩක් තියෙනවා. රටක් සංවර්ධනය වෙද්දී වෙනස්වන ජීවන රටා නිසා පිළිකා රෝගය වැළඳීමේ ප්‍රතිශතය වැඩි වෙනවා කියලයි වාර්තා පෙන්වලා දෙන්නේ.

ලංකාවේ අවුරුද්දකට පිළිකා රෝගීන් 17,000 ත් 20,000 අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නවා කියලා පිළිකා මර්දන එක්ක පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සියත ප්‍රවෘත්ති වෙත කිව්වේ වාර්ෂිකව ලංකාවේ පිළිකා රෝගීන් 15,000 ක් පමණ මිය යනවා කියලා.

මෙච්චර පිළිකා රෝගීන් වැඩි වෙන්න හේතු මොනවද? ප්‍රධානම හේතුව තමයි දුම්පානය සහ මත්පැන්. දුම්පානයට සහ මත්පැන් පානයට පුරුදු වුන අයට පහසුවෙන්ම පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතිං තාමත් දැන දැනම විෂ ශරීරයට ඇතුල් කර ගන්නවද?

පිළිකා ඇති වෙන්න තවත් ප්‍රධාන හේතුවක් තමයි ආහාර රටාව. නිසි පෝෂණයක් නැති අක්‍රමවත් ආහාර රටාව ඉක්මනටම පිළිකා වලට අත වැනීමක්. කෘතීම ආහාරා භාවිතය නිසා මේ වෙද්දී ලෝකයේ බොහෝ පිරිසක් පිළිකා වලට ගොදුරු වෙමින් ඉන්නවා. යහපත් ජීවන හා ආහාර රටාවක් අනුගමනය කරලා පිළිකාවෙන් තුනෙන් එකක් අඩු කර ගන්න පුළුවන් කියලයි වෛද්‍ය සුදත් සමරවීර මහතා කියන්නේ.

දවසකට පළතුරු වර්ග 5 ක් සහ එළවලු වර්ග 5 ක් ආහාරයට ගන්න ඕන.ඒ වගේම පෙරේතකම පැත්තක තියලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්න ඕන. කාවට විතරක් මදී. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට කැලරි දහනය කර ගන්නත් ඕන. ඒ කියන්නේ ව්‍යායාම කරන්න ඕන.

මේ උපදෙස් පිළිපැද්දොත් ඔබටත් පිළිකාවෙන් ගැලවෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ දැන ගැනීමට මේ උපදෙස් Share කරන්න අමතක කරන්නත් එපා.


News Articles
Latest Videos
Most Popular Post