News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

පඩි මදි නිසා කොන්දොස්තරවරියක් වුන හෙදිය

1934 Views


පඩි මදි නිසා කොන්දොස්තරවරියක් වුන හෙදිය

ගෑනු කෙනෙක් කියන්නෙ පිරිමියෙක්ට වඩා වෙනස් ආශාවන් බලාපොරොත්තු තියෙන කෙනෙක්. කොන්දොස්තර කියපු ගමන් අපිට මතක් වෙන්නෙ පිරිමි කෙනෙක් වුණාට ගැහැණු අය මේ වෘත්තියේ නියැලෙන හැටි කවදාවත් දැකලාවත් නැතුව ඇති.

ඒත් කොන්දොස්තර වෘත්තිය තමන්ගෙ රැකියාව කරගත්ත ලාබාල තරුණියක් අපිට මුණගැසුනා. මගීන්ට හරි කරුණාවෙන් කතා කරමින් තමගෙ රැකියාව කරන මේ තරුණ කෙල්ල වැඩ කරනෙ ගම්පහ ඉදලා අස්ගිරිවල්පොල හරහ මිනුවන්ගොඩ බලා යන 270/1 බස් එකකයි.

මේ ලාබාල කොන්දොස්තර නෝනගෙ නම සඳුනි මධුවන්ති.සඳුනි උසස් පෙළ වෙනකන් ඉගෙනගෙන ර්පෞද්ගලික හෙද විදුහලකින් අධ්‍යාපනය ලබපු කෙනෙක්.ඒ වගේම සඳුනි හමුදා රෝහලේද පුහුණුව ලබපු මිනුවන්ගොඩ පෞද්ගලික ආයතනයක හෙදියක් විදිහටත් රැකියාව කරලා තියෙනවා.ඒ රැකියා ඔක්කොම අතැරලා තමයි සඳුනි බස් රස්සාව තෝරගෙන තියෙන්නෙ.

අපි එක්ක එකතු වුණ කතාබහේදි සඳුනි කිව්වෙ මේ වගේ කතාවක්.

කොහොමද සඳුනි මේ රස්සාව?

මම ඇත්තටම ගොඩක් සතුටින් මේ ජොබ් එක කරන්නෙ.ඇත්තම මේක රැකියාවකට වඩා සේවයක් විදිහටයි මම හිතන්නෙ.බස් එකේ යන අය එක්ක ලොකු බැදීමක් තියෙනවා.කාගෙ හරි ගෙදරක උත්සවයක් තිබ්බොත් අපිට අනිවාර්යෙන් අපේ කොටස ලැබෙනවා.

හෙදියක් වෙන්න පෙරුම් පුරලා කොන්දොස්තර වෘත්තිය තෝරගත්තෙ මොකද?

හෙදියක් විදිහට ගමනක් යන්න තමයි මම බලාපොරොත්තු වුනේ.ඒත් සාර්ථක ආදායමක් නෑ. නිවාඩුවක් නෑ.පඩියකුත් නෑ.දුවේ ඕක වැඩක් නෑ ගෙදර නැවතිලා බස් එකක වැඩ කරන්න කියලා තාත්තා කිව්වම මම ටික දවසක් කල්පනා කරලා බස් එකේ වැඩට ගියා.මට දවසකට ර්පියල් 1500ක පඩියක් ලැබෙනවා.

සඳුනිගේ පියා වෙන ජේ.ඒ.සුනිල් ජයසිංහ මහතා සඳුනි ගැන කිව්වෙ මේ වගේ කතාවක්.

දුවට මම තමයි කිව්වෙ අනුන්ගෙ තැන් වල වැඩ කරන්නෙ නැතුව බස් එකක වැඩ කරලා පඩියක් ගන්න කියලා.එක එක තැන් වලින් බාධා ආවා.සමහර අය හිනා වුණා.ඒ හැම දෙයක්ම විදගෙන දුවට මේ රස්සාව කරන්න අවශ්‍ය වටපිටාව මම හදලා දුන්නා.අද දුවට ඕනම බස් රථයක වැඩ කරන්න හොද පුහුණුවක් තියෙනවා.

සඳුනිගේ අම්මා සඳුනිගෙ රැකියාව ගැන කිව්වෙ මේ වගේ කතාවක්.

දුව මේ රස්සාව කරනවට මම අකමැති නෑ.ඒත් මුලින් සමහරු අමුතු විදිහට බැලුවා.ඒත් අම්මා කෙනෙක් විදිහට මම කැමතියි මීට වඩා හොද රැකියාවක් කරනවට.

බස් රථයේ රියදුරු මහතා සඳුනි ගැන කිව්වෙ මෙහෙම කතාවක්.

දුවත් එක්ක රස්සාව කරන්න හරිම ලේසියි.දක්ෂ දරුවෙක්.බස් එකේ කලෙක්ෂන් එක සතයට එකතු කරලා ගණන් හදලා මට දෙනවා.මට හම්බ වුණ හොදම ගෝලයා සඳුනි දුව.


News Articles
Latest Videos
Most Popular Post