News Line| Off Air| Games
Generic placeholder image

Dec
9

පෙර ගෙවුම්, පසු ගෙවුම් අන්තර්ජාල සේවාවන් සහ සාමාන්‍ය දුරකථන ගාස්තු අඩුවෙයි

2563 Views


පෙර ගෙවුම්, පසු ගෙවුම් අන්තර්ජාල සේවාවන් සහ සාමාන්‍ය දුරකථන ගාස්තු අඩුවෙයි

වැට්, විදුලි සංදේශ බදු අඩු කිරීම හා අනෙකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකථන ගාස්තු අඩුවන සමස්ත බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, පෙර ගෙවුම් සහ පසු ගෙවුම් අන්තර්ජාල සේවා සදහා මෙතෙක් අය කළ බදු ප්‍රමාණය සියයට 19.4 සිට සියයට 10.2 දක්වා අඩු වී ඇති බව එම කොමිසම සදහන් කළා.

එසේම, සාමාන්‍ය දුරකථන ගාස්තු සදහා මෙතෙක් අය කළ සියයට 37.7 ක බදු ප්‍රමාණය සියයට 22.6 දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් පාරිභෝගිකයින් චෝදනා කළේ දුරකථන සේවා සපයන සමාගම් පෙර ගෙවුම් කාඞ්පතින් බදු මුදල අඩු නොකර ලබා දෙන ඩේටා ප්‍රමාණය පමණක් වැඩිකර ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අඩු වූ බදු ප්‍රමාණය, මිලට සාපේක්ෂව වැඩි ඩේටා ප්‍රමාණයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් කටයුතු කර ඇති බවයි.

එම නිසා පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවී නොමැති බව එම නිලධාරියා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post