News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

විශ්වාසභංගයෙන් මෝදිට ජය.

418 Views


විශ්වාසභංගයෙන් මෝදිට ජය.

ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගැටලූ‍ මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප‍්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග‍්‍රහනයක් හිමි කර ගෙන තිබෙනවා.

ඒ, ලොක් සභාවට පැමිණ සිටි සභිකයින් 451 අතුරින් 325 ක් විශ්වාසභංගය පරාජය කරමින් මෝදිට සහාය පළ කිරීම හේතුවෙන්.

රජයට විරුද්ධව ඡුන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණයි. විශ්වාසභංගයෙන් ජය ගැනීමට නම් සභිකයින් 226 දෙනෙකුගේ ඡන්දය ලැබිය යුතු වනවා.

විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ මධ්‍යම රාත‍්‍රියේ පැවැත්වුනේ පැය 12 ක් පුරා පැවති විවාදයෙන් අනතුරුවයි.

විවාදය ආරම්භ කළ කොංග‍්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සහ ඉන්දීය රජයේ ක‍්‍රියා කලාපය දැඩිව විවේචනය කළා.

පැයකට අධික කාලයක් පැවති සිය දීර්ඝ කතාව අවසන් කළ රාහුල් ගාන්ධී, අග‍්‍රාමාත්‍ය මෝදී වැලැඳ ගැනීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඔහු එහිදී අග‍්‍රාමාත්‍යවරයාට පැවසූවේ, ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකි බවයි. ඉන් අනතුරුව විවාදයට එක්වූ නරේන්ද්‍ර මෝදී සිය දීර්ඝ කතාව අවසානයේ රාහුල් ගාන්ධීගේ තර්ක එකින් එක බිඳ දැමුවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post