News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර

419 Views


මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර

ඉතා මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දෙවැනි පියවර ලෙස පිළිකා වැනි ඖෂධ වර්ග රැසක මිල මෙලෙස අඩු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.

මෙහි ප‍්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කෙරුණා. ඖෂධ මාෆියාව නැති කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේ.

ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට නියමිතයි. සෞඛ්‍ය සේවා වලින් වැට් බදු ඉවත් කිරිම තුළින් ගැටලූ‍ රැසක් විසඳුනු බව ද අමාත්‍යවරයා රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට තමන්ට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම එන්නත හදුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කරන ලදි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ‍්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post