News Line| Off Air| Games
Generic placeholder image

Mar
26

T – 56 ජීව උණ්ඩ 100ක් ඇළ මාර්ගයකින් මතු වෙයි

590 Views


T – 56 ජීව උණ්ඩ 100ක් ඇළ මාර්ගයකින් මතු වෙයි

අනුරාධපුර නාච්චාදූව හිදෝගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක සඟවා තිබූ ටී-  56 වර්ගයේ ජීව උණ්ඩ 100ක්,  ඊයේ (25) පස්වරුවේ සිදු කල මෙහෙයුමකින් පසුව සොයා ගැනීමට හැකි වූ බව හිදෝගම පොලීසිය පවසයි.

පුද්ගලයෙකු ගෙන් ලද, රහසිගත තොරතුරකට අනුව හිදෝගම පොලිස් වසමේ, වෙල් යායකට ජලය ගෙන යන ‘ආමනේ’, ඇළ මාර්ගයේ තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය පවසයි.

මලු තුනක බහා, සුක්ෂම ලෙස සඟවා තිබියදී මෙම උණ්ඩ තොගය සොයා ගත් බවත්, කවුරුන් විසින් සඟවා තැබුවේ ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය වැටලිම්, පාතාල සාමාජිකයන් අත්අඩංගුවට  ගැනීම සඳහා මේ දිනවල සිදු කෙරෙමින් පවතින මෙහෙයුම් වැඩි කිරීම හේතුවෙන්, ජීව උණ්ඩ තොගය  මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට සැක කෙරෙන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම ටී-56 වර්ගයේ ජීව තොගය අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හිදෝගම පොලීසියේ නිලධාරින් විසින් සිදු කරති.


News Articles
Latest Videos
Most Popular Post