News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

ගුහාවේ සිරවුන ළමයි එලියට ගත්ත ලෝකයේ අසීරුම මෙහෙයුම ගැන කිමිදුම්කරුවන් හෙළිකරයි.

2630 Views


ගුහාවේ සිරවුන ළමයි එලියට ගත්ත ලෝකයේ අසීරුම මෙහෙයුම ගැන කිමිදුම්කරුවන් හෙළිකරයි.

ලෝකයේ මෙච්චර කාලයකට කළ දැවැන්තම ගලවාගැනීමේ මෙහෙයුම්න් පස්සේ තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායමේ සියලුම දෙනා බේරා ගණන් පුළුවන් වුණා. මේ මෙහෙයුමට ලෝකයේ වටෙන්ම ඇති දක්ෂ ගලවාගැනීමේ විශේෂඥයින් එකතු වුණා. මෙච්චර කාලයකට කරපු අසීරුම ගලවාගැනීමේ මෙහෙයුම කියලා ඔවුන් මේ මෙහෙයුම හඳුන්වලා තිබ්බා.

අභියෝග රැසක් මැද්දේ සිදුකරපු මේ මෙහෙයුම ගැන ඊට සහභාගී වුන කිමිදුම්කරුවන්, විශේඥයින් මාධ්‍යට අදහස් දක්වලා තිබ්බා. මේ ඔවුන් කිව්වා කතාව.

“අපිට මුලින්ම අවශ්‍ය උනේ දිය යටදී අපි අතරමං නොවී නිසි ස්ථානයට යනවාද කියා දැනගන්නට පුලුවන් කඹ ආදිය ඇදලා මග සලකුණු තබා ගන්න. උමං තුල කිමිදෙන විට අතරමංවීමේ සම්භාවිතාව වැඩියි. ළමුන් නිරුපද්‍රිතව පිටතට ගෙන එන එක තමයි විශාලම අභියෝගය වුනේ. ඔවුන් පිහිනන්න දන්නේ නැහැ. කිමිදෙන්න දන්නේ නැහැ, එත් ඔවුන්ගේ පුහුණුකරු ළමයි සියල්ලෝම එකතු කරගෙන කතා කළා. ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි කළා. මේකෙන් අපි පිටවිය යුතු බවත් අපි ජිවත් විය යුතුයි කියලා ඔහු ළමයින්ව දිරිමත් කළා” කියලා මෙහෙයුමට සම්බන්ධ වුන තායිලන්තයේ නාවික හමුදාවේ හිටපු සීල් බලඝනයේ නිලධාරියෙක් සඳහන් කරා.

මේ මෙහෙයුම සිදුකරපු හැටි අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥ ඩෙරෙක් ඇන්ඩර්සන් විස්තර කරේ මෙහෙම.

“අපිට ගුහාව තුලට පිටතින් ඔක්සිජන් පොම්ප කරන්න සිදුවුනා. හදිසි අවස්ථාවකදී ළමුන්ට අමතර ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සදහා අවශ්‍ය ස්ථාන කිහිපයක්ම පෙරසුදානම් කර තැබීමට සිදුවුනා. මේ සියල්ලට අමතරව අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් උමග තුල රඳවන්න අප කටයුතු කළා. මේ සියල්ලම සැලසුමකට සිදුවුනු දෙයක්.

“පෙර පුහුණුවක් විදිහට අපි ඒ සදහා පිහිනුම් තටාකයක පුහුණු සැසි ගණනාවක් සිදුකළා. විශේෂයෙන්ම ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනාගේ බරට, උසට ගැලපෙන ශරිර තිබෙන ළමුන් 12 දෙනෙක් තෝරා ගෙනයි අපි මේ පුහුණුවීම සිදුකලේ.”

“පිටමන් කල යුතු පළමු ළමයා කවුරුන්ද කියලා පුහුණුකරු අපිට පෙන්නුවා. අපි ලග තිබුනේ ක්‍රම දෙකයි. ඒත් අවසානයේ අපි ඔවුන් පිටතට ගෙන එන්න අවශ්‍ය හොඳම ක්‍රමය ක්‍රියාවට නැංවුවා.”

“අපි මුලින්ම පිටතට ගෙන එන ළමයට සීතලෙන් වැලකෙන්න විශේෂ කිමිදුම් ඇඳුම අන්දවා ඔහුව ස්ට්‍රේචරයක (සැහැල්ලු ගිලන් මැස්සක) නිදි කෙරෙව්වා. ඔහුට Ketamine කියන නිර්වින්දන එන්නතක් ලබාදුන්නේ ගුහාවේ රැදී සිටියි ඕස්ට්‍රේලියානු ජාතික නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විසින්. පසුව ළමයාගේ මුහුණ ආවරණය වන විදිහට කිමිදුම් හිස්වැසුම පලඳවා එයට ඔක්සිජන් සැපයීම සිදුකළා. පසුව ළමයාව ස්ට්‍රේචරයට තබා තදින් වෙළුවා. ඒ දිය යටදී කිමිදුම්කරුවන්ට ඔහුව පාලනය කරගන්න අවශ්‍ය වන නිසා. මොකද ඔවුන් එන මාර්ගය පටු උමං සහිත මාර්ගයක්. එය අසීරු ගමනක් බව අපි නිරීක්ෂණය කර තිබුනා කලින්ම.”

“ඉන් පසුවයි විශේෂ පුහුණුව ලැබූ කිමිදුම්කරුවන් දෙදෙනෙක් ස්ට්‍රේචරයේ ඉතා පරිස්සමින් ජලයෙන් පිරි තිබුනු උමග තුලින් පිටතට ගෙන එන්න කටයුතු කළේ. මේ ආකාරයෙන් ළමයින් පිටතට රැගෙන එන විට අතර මග ස්ථාන කිහිපයකදී ඔවුන්ගේ හෘද ස්පන්දනය සහ නාඩි වැටීම ගැන වෛද්‍ය කණ්ඩායම් හිදිමින් සොයා බැලුවා. ඔවුන් සියලු දෙනාම මෙහෙයුම අතර වාරයේදී හොදින් නිදා ගෙන සිටියා” යනුවෙන් අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥයා පවසා සිටියා.

මෙහෙයුමට කිමිදුම්කරුවන් 15 දෙනෙක් උමග තුල සිටියත් ඒ සඳහා අවශ්‍ය සහය සපයමින් තවත් සියගණනක පිරිසක් කැපවී සිටියා.” යනුවෙන් අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥ ඩෙරෙක් ඇන්ඩර්සන් සිය අත්දැකීම් විස්තර කරා.

“ලොව මෙතෙක් සිදුකල බිහිසුණුම ගලවා ගැනීමේ මෙහෙයුම මෙයයි, මින් පෙර මේ ආකාරයේ දෙයක් සිදුවී නැහැ. ඒ නිසා මෙය ඉතිහාසගත වනවා. ඒ වගේමයි මේ ගලවා ගැනීමේ මෙහෙයුමේ සම්පුර්ණ කරන්න තිබුණ ප්‍රහේලිකා බොහෝමයි. නමුත් අපි වාසනාවන්ත වුනා ඒ හැම මොහොතකදීම” ඔහු අවසානයේදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post