News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

සිකුරා ග්‍රහලොව මත ජිවයක් පැවතිය හැකි බවට පළමුවරට අනාවරණයක්

1264 Views


සිකුරා ග්‍රහලොව මත ජිවයක් පැවතිය හැකි බවට පළමුවරට අනාවරණයක්

හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටි සිකුරු ග්‍රහය මත අධික උෂ්ණත්වයක් පැවතීම නිසා මිට පෙර එම ග්‍රහ ලොව මත ජීවයක් පැවතිය හැකි බවට විද්‍යාඥයන් විශ්වාස නොකළ අතර සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 ක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් වායුවලින් පිරී පවතින මෙම ග්‍රහ ලොව මත ජීවය ඇතැයි ලොවට අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වන ජේන් ග්‍රීවර්ස් ඇතුළු කණ්ඩායමය. ඒ ඊයේ දිනයේදීය. ඒ, ප්‍රබල දුරේක්ෂයක් ආධාරයෙන් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් අනතුරුවයි.

එහිදී සිකුරුගේ වායුගෝලය අධ්‍යනය කරද්දී, වායුගෝලයේ තිබි ‘පොස්පීන්” වායු අංශ හමුවී තිබෙන අතර ‘පොස්පීන්” පෘථිවීයේ ද දකින්න ලැබෙන අතර පොස්පීන් නිපදවීම සිදුවන්නේ කාබනික ද්‍රව්‍ය බිදී යාම තුලින්ය. මේ අනාවරණයට අනුව සිකුරු ග්‍රහ ලොව මත ජීවයක් පැවතිය හැකි බවට මතයක් ඉදිරිපත් වී තිබෙනවා.. මේ පිලිබදව නිශ්චය කිරීම සදහා තව දුරටත් පරික්ෂණ සිදු කරන බවයි විද්‍යාඥයන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post