News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට එජාප මන්ත්‍රිවරුන් සිරිකොතට රැස්වෙයි

513 Views


නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට එජාප මන්ත්‍රිවරුන් සිරිකොතට රැස්වෙයි

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ජාව මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්ව සිටින බව සදහන්.

පසුගිය සතියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව අද දිනයේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටියා.

වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වසර 26 ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post