News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

657 Views


පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post