News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

සත්කාරක රුසියාව ජය තහවුරු කර ගනිද්දී ඩෙන්මාකය ගෙදර යයි. – Video

417 Views


සත්කාරක රුසියාව ජය තහවුරු කර ගනිද්දී ඩෙන්මාකය ගෙදර යයි. – Video

FIFA ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරඟ 2 ක් ඊයේ පැවැත් වුණා. ඒ තරඟ දෙකෙනුත් ප්‍රභල කණ්ඩායම දෙකකට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා 2018 FIFA ලෝක කුසලානය තවත් උඩු යටිකුරු වෙලා තියෙනවා.

මුල්ම තරඟය පැවැත් වුණේ සත්කාරක රුසියාව සහ ප්‍රභල ස්පාඤ්ඤය අතර. ඉතාම තියුණු තරඟයකින් පස්සේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්න රුසියාව සමත් වුණා. 12 වෙනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් රුසියාව තරඟයේ පෙරමුණ ගන්නවා. 41 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤයයේ Artem Dzyuba ගෝලයක් වාර්තා කරමින් ස්පාඤ්ඤය තරඟයට ප්‍රවිෂ්ට කර ගන්නවා.

දෙවෙනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නේ නෑ. ඒ නිසා තරඟයේ තවත් අමතර කාලයක් ලබා දෙනවා. නමුත් ඒ කාලයේත් ගෝල ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වෙනවා. ඒ නිසා තරඟයේ ජය පැරදුම තීරණය කරන්න දඬුවම් පහර සඳහා යොමු වෙනවා.

කණ්ඩායමකට දඬුවම් පහර 5 ක් ලබා දෙනවා. නමුත් ස්පාඤ්ඤයට සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ දඬුවම් පහර 3 ක් විතරයි. දඬුවම් පහර 4 ක් සාර්ථක කර ගෙන හිටිය රුසියාවට තරඟයේ ජය හිමි වෙනවා.

ක්‍රොඒෂියාව සහ ඩෙන්මාකය අතර තරඟයත් දඬුවම් පහර දක්වාම ඇදී යනවා. තරඟය පටන් අරං පළවෙනි විනාඩියේම ගෝලයක් වාර්තා කරන්න ඩෙන්මාකය සමත් වෙනවා. ඊට පිළිතුරු විදියට ක්‍රොඒෂියාව 4 වෙනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගන්නවා.

දෙවෙනි අර්ධයේදී වාර්තා කර ගන්න කණ්ඩායම් දෙකම අසමත් වෙනවා. ඒ නිසා අමතර කාලයක් තරඟයට ලැබෙනවා. හැබැයි අමතර කාලයේත් ගෝල ලබා ගන්න කණ්ඩායම් දෙකටම බැරි වෙනවා. ඒ නිසා ක්‍රොඒෂියාව සහ ඩෙන්මාකය අතර තරඟයත් ජය පරාජය තීරණය කරන්න දඬුවම් පහර වලට යනවා.

තමන්ට ලැබුන දඬුවම් පහර අවස්ථා 5 න් 3 ක් සාර්ථක කර ගන්න ක්‍රොඒෂියාව සමත් වෙනවා. හැබැයි ඩෙන්මාකය සාර්ථක කර ගන්නේ දඬුවම් පහර 2 ක් විතරයි. ඒ නිසා අවසන් පූර්ව වටයට යන්න ක්‍රොඒෂියාව වරම් ලබා ගන්නවා.

https://youtu.be/5_iIW2DZ8nc


News Articles
Latest Videos
Most Popular Post