News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

අද ලග්න 2 කට අතිරේක අදායම් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

630 Views


අද ලග්න 2 කට අතිරේක අදායම් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මස 10 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.35 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර  

මේෂ ලග්නය

අතිශයින්ම වැදගත් දිනයකි. මෙතෙක් කල් සතුරුව සිටි අය ඉවත්ව යන දිනයකි. කතාවෙන් අන් අය ජයගත හැකි දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. නිවැරදි තීරණ ගැනීමට වග බලාගත යුතු දිනයකි. ආර්ථික ශක්තිය මනාව පවතින දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. ඔබ කායික ශක්තියද ඉතා ඉහල දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                             ජය අංකය: 02

වෘෂභ ලග්නය

මව්පිය සෙනෙහස උතුරා යන දිනයකි. පවුලේ ය වෙනුවෙන් වෙහෙස මහන්සිවී කටයුතු කරන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ලේඛන කලාවටද සුභ දිනයකි. ඔබට එන අභියෝගයන් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයක් වන අතර රැකියා කටයුතු වල වෙනස්කම් අපේක්ෂා කළහැකි දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නිර්මාණ ශක්තිය ඉතාම ඉහල දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 01

මිථුන ලග්නය

කෝපයෙන් යුතුව කලබලයකින් කටයුතු කළහැකි දිනයකි. එබැවින් වඩාත් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි.  මුදල් ගනුදෙනු වලදී ප්‍රවේසම් විය යුතු දිනයකි.  නිසි තීරණ මත කටයුතු කළහැකි දිනයකි. වෙනදට වඩා ඔබේ හැකියාවන් ඉස්මතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නව නිර්මාණ වැඩ කටයුතු වලටද සුභ දිනයකි. දැනුම වර්ධනයට සුභ දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 03

කටක ලග්නය

ආර්ථික වාසි ලැබෙන දිනයකි. එමෙන්ම ඔබ ණයට දුන් මුදල් නැවත ලබාගත හැකි දිනයකි. ඔබේ කායික ශක්තිය ඉහළ දිනයකි. නමුත් හදිසි අනතුරු වලින් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. වගකීමෙන් යුතුව නායකත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි.  කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව  කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය                                        ජය අංකය: 02

සිංහ ලග්නය

රැකියා හා අතිරේක ධන ලාභ ලබාගත හැකි දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. නිර්භීතව වැඩ කටයුතු කරන දිනයකි. පාලනයට වැඩි හැකියාවක් පෙන්වන දිනයකි. එමෙන්ම තම සේවකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙන දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. යම් ස්ථාන වල ප්‍රමුඛයා වීමේ භාග්‍ය පවතින දිනයකි. කොලා කටයුතු වලට හාඅ විනෝදයට නැඹුරු වන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට සුභ දිනයකි. නිර්මාණ කටයුතු වලට වැඩි දස්කමක් පෙන්වන දිනයකි. නිහතමානිව, ඉවසීම වර්ධනය කරගත යුතු දිනයකි. ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. පවුලේ අය සමඟ ගෙවන දිනයකි. ප්‍රවේසමෙන් යුතුව කටයුතු කරන. ඔබ තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 09

 

තුලා ලග්නය

අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. ව්‍යාපාර කටයුතු වලට වඩාත් දක්ෂ වන දිනයකි. එමෙන්ම වෙලාවට වැඩ කරන දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. වෙනදට වඩා ව්‍යාපාර කටයුතු හා රැකියා කටයුතු සාර්ථක වන දිනයකි. සිතුවිලි වර්ධනය වන ඔබේ යහපත් ගුණාංග මතුවන දිනයකි. ආදායම් තත්වය ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද වඩාත් සුභ දිනයකි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                          ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

තර්කයෙන් හා නියමාකාර වැඩ වලින් සියලු වැඩ කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් ප්‍රවේසමෙන් හා කල්පනාවෙන් වැඩ කරන්න. ඔබට මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන් සෑම දෙයක්ම ජයගන්න දිනයකි. කලට වෙලාවට නිසි ආහාර ගන්න. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි.උනන්දුවෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 07

ධනු ලග්නය

ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ නිවසේ ආරක්ෂාව ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. පාලන ශක්තිය හා නායකත්ව ගුණාංග වඩාත් ප්‍රයෝජනවත් වන දිනයකි. දුර දිග බලා නිසි තීරණ ගන්න. වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නිතරම සිහි කල්පනාව තීව්‍ර කරගන්න. දිනය ආගමනුකුලව ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                 ජය අංකය: 06

මකර ලග්නය

නිවසේ වැඩ කටයුතු බහුල වන දිනයකි. නිර්මාණ වැඩ කටයුතු වලට හා ලිපි ලේඛන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. වේගවත්ව මෙන්ම අවංකව වැඩ කළහැකි දිනයකි. ඔබේ පාලන ශක්තිය නම් මනාව පවතින දිනයකි. ධාරණ ශක්තිය ඉහල දිනයකි. නමුත් නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. කලා කටයුතු වලින්ද වැඩි දියුණුවක් ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                       ජය අංකය: 05

කුම්භ ලග්නය

අතිරේක ආදායම් මාර්ග සඳහා වැඩ කටයුතු සැලසෙන දිනයකි. එමෙන්ම සියලුම සූක්ෂම වැඩ කටයුතු වලටද සුභ දිනයකි. ඕනෑම රෝග පීඩා වලට නොබියව මුහුණ දිය හැකි දිනයක් වුවද නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. නව රැකියා අවස්ථා ලබාගත හැකි දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. පිළිවෙලින් යුතුව වැඩ කටයුතු කරන දිනයකි. පවුලේ සාමය ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 04

 

මීන ලග්නය

සමාජ අතර වැඩි ජනප්‍රියත්වයක් ලබාගත හැකි දිනයකි. අන් අය අතර ඔබ වේගයෙන් පැතිර යන දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. දුර ගමන් හා කෙටි ගමන් බිමන් ඇතිවන දිනයක් වන අතර ඒවා මගින් යහපත් සමාජ ඇසුරක් අලුතින් ඇතිකරගත හැකි දිනයකි. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. රැකියා කටයුතු වල යම් වෙනසක්  හා සතුටක් ඇතිවන දිනයකි.
ජය වර්ණය: ගුරු පැහැය                             ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829
 


News Articles
Latest Videos
Most Popular Post