විවාහය කියන්නේ තරුණ තරුණියන්ගේ ජීවිතේ එක හීනයක්. සම්ප්රදායක් විදිහට විවාහයකදී නම් වැඩිහිටියන් ගොඩක් දේවල් හොයලා බලනවා.සමහරු නම් කියන්නේ මනමාලයාට වඩා මනමාලිය වයසින් බාල වෙන්න ඕනේ කියලයි.
ඒත් මේ වනකොට නම් ගොඩක් අය අසම්මත ආදරයට හුරුවෙලා. කතාවට නම් තියෙනවා ආදරයට වයස, පෙනුම බාධාවක් නැහැ කියාලා. හැබැයි දැන් ගොඩක් මල්ලිලාගේ හිත යන්නේ අක්කලාට. අද මේ අසම්මතය ට්‍රෙන්ඩ් එකට ගිහින්. අපි මේ කියන්න යන්නෙත්, අසම්මත ආදර කතා වල පැටලුණු කවුරුත් දන්න කියන ලෝකයේ ප්‍රසිද්ධ සුපිරි තරු ගැන.
ගුරුවරියක් සමඟ විවාහ වුණු ප්‍රංශ ජනපති
එම්මානුවෙල් මැක්රොන් කියන්නේ පහුගිය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියත් එක්ක කාගේත් කතා බහට ලක් වුණු ප්‍රංශ ජනපති. ඒ පාපන්දු තරඟය අතරතුර ක්‍රොඒෂියාවේ ජනපතිනියත් එක්ක තිබුණු සමීප ඇසුර නිසා. හැබැයි ඔහු විවාහ වෙලා ඉන්නේ 54 හැවිරිදි බ්‍රිජිට් මැක්රොන් සමඟ.ජනපතිගේ වයස අවුරුදු 30යි. මොවුන්ගේ වයස පරතරය නම් අවුරුදු 24ක්. කොහොම වුණත් ප්‍රංශ ජනපති මේ විදිහට විවාහ වෙලා තිබ්බේ කුඩා කාලයේදී ඔහුට උගන්වපු ගුරුවරියක් එක්ක. හැබැයි විවාහ දෙකක් අත්හැර ගත්ත ඇය දරුවෝ 3 දෙනෙක්ගේ මවක් ද වෙනවා.
බ්‍රිජිට් මැක්රොන්ගේ ජීවිතය පාදක කරගනිමින් ඈන් ෆෝල්ඩා විසින් රචනා කරලා තියෙන Emmanuel Macron – A Perfect Young Man නම් කෘතියට අනුව නම් ඔහුට අඩුම තරමේ අවුරුදු 18 සම්පූර්ණ වෙනකන්වත් ඔහුගෙන් ඈත්ව ඉන්න කියලයි එම්මානුවෙල්ගේ දෙමාපියන් කියලා තියෙන්නේ.ඒ වගේම මේ සබඳතාව කඩලා දාන්නත් එම්මානුවෙල්ගේ දෙමාපියන් කිහිප සැරයක් උත්සහ කළත් සාර්ථක වෙලා නැහැ.
ඇෂ්ටන් කුචර් සහ ඩෙමී මුවර්
හොලිවුඩ් සිනමාව තුළ නම් මොවුන් දෙදෙනා නිතර දකින්න ලැබෙන චරිත දෙකක්. ඇෂ්ටන් කුචර් නම් නළුවෙක් වගේම ව්‍යාපාරිකයෙක් ද වෙනවා. මේ වනකොට ඔහු චිත්‍රපට 26 කට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඔහු 2005 වසරේදී ඔහු ජනප්‍රිය නිළි ඩෙමී මුවර් එක්ක විවාහ වෙනවා. ,ඒ වනකොටත් විවාහ දෙකකින් වෙන් වෙලා හිටපු ඩෙමීගේ වයස අවුරුදු 43යි. ඇෂ්ටන්ගේ වයස අවුරුදු 27ක්. ඔවුන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 16ක් වෙනවා. කොහොම වුණත් ඇෂ්ටන්ගේ සහ ඩෙමී මුවර්ගේ කැදැල්ල කඩා වැටෙන්න නම් වැඩි කාලයක් ගියේ නැහැ.ඔවුන් දෙදෙනා 2013 දී නීතියෙන් වෙන්වුණා.
සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිං
සයිෆ් අලි ඛාන්ගේ බිරිඳ කරීනා කපූර් කියලා කිව්වට සයිෆ්ගේ කලින් විවාහය ගැන නම් කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. කොහොම වුණත් කරීනාගේ විවාහයට කලින් වයස අවුරුදු 12කින් වැඩිමහල් සුප්‍රකට බොලිවුඞ් නිළි අම්රිතා සමඟ පෙම් පලහිලවුවක් තිබුණා. සයිෆ් සහ අම්රිතාගේ මුල්ම හමුව වුණේ සයිෆ්ගේ මුල්ම චිත්‍රපටයේ රූගත කරන අවස්ථාවේ. මේ හමුවීමත් එක්කම බැඳුණු මේ දෙන්න දෙන්නා 1991 වසරේදී විවාහ වුණා. මේ වනකොට සයිෆ්ට වයස අවුරුදු 21 වන අතර අම්රිතාටඅවුරුදු 33යි. කොහොම වුණත් 13 වසරක මඟුල් කාපු සයිෆ් සහ අම්රිතාගේ 2004 වසරේදී වෙන්වුණා.
ප්‍රකට හොලිවුඩ් නළු ඇලන් ටේලර් සහ ප්‍රසිද්ධ සිනමා නිෂ්පාදකවරියක් වන සෑම් (සැමන්තා) ටේලර් ජොන්සන්. මොවුන් අතර වයස පරතරය අවුරුදු 23යි.
ගයි රිචී සහ ප්‍රසිද්ධ ගායිකා මැඩෝනා. ඔවුන් අතර වයස පරතරය අවුරුදු 10ක්.
සචින් තෙන්දුල්කාර් වයස පරතරය අවුරුදු 6යි
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ හොලිවුඩ් ගායක නික් ජෝන්ස්