News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ලෝකාන්තයට කේබල් කාර්.

967 Views


ලෝකාන්තයට කේබල් කාර්.

ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් තමයි ලෝකාන්තය කියන්නේ. හැබැයි ඉතින් ලොකානතයට යන්න නම් හිතනතරම් ලේසි නෑ. ටිඅකක් දුෂ්කර මරහයක් තමයි ලෝකාන්තයට තියෙන්නේ.

ඩුබායි රජයේ ආධාර ඇතිව බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් අරඹන්න සූදානම් වෙනවා. සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මිය තමයි මේ බව සඳහන් කරේ.

“බෙලිහුල්ඔය ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද ස්ථානයක්. සමනළ වැව ඒ සුන්දරත්වය වැඩි කරනවා. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරීමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි”. කියලයි එතුමිය සඳහන් කරේ.

ඉස්සරහට බෙලිහුල් ඔය බලලා කේබල් කාර් එකේ ලෝකාන්තය බලන්නත් යන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post