News Line| Off Air| Games
Generic placeholder image

Mar
8

ලොව ධෛර්යවන්තියන් දස දෙනා අතරට ශී‍්‍ර ලාංකික කාන්තාවක්

507 Views


ලොව ධෛර්යවන්තියන් දස දෙනා අතරට ශී‍්‍ර ලාංකික කාන්තාවක්

2019 ජාත්‍යන්තර ධෛර්යවත් කාන්තාවන්ගේ සම්මාන උළෙලේදී ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන මරීනි ද ලිවේරා ද සම්මානයක් හිමි කර ගෙන තිබෙනවා. ඒ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකදීයි. අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්ගේ හා එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රටවල් 10ක් නියෝජනය කරමින් ලොව ධෛර්යවන්ත කාන්තාවන් ලෙස  තේරී පත්වූ කාන්තාවන් දස දෙනෙකු හට සම්මාන හිමිව තිබුණා.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ  මරීනි ද ලිවේරාට අමතරව බංග්ලාදේශය, බුරුමය, ජිබූටි, ඊජිප්තුව, ජෝර්දානය, මොන්ටිනීග්‍රෝ, පේරු, ටැන්සානියා සහ අයර්ලන්තය යන රටවල් නියෝජනය කරමින් කාන්තාවන් 09දෙනෙකු 2019 ජාත්‍යන්තර ධෛර්යවත් කාන්තාවන්ගේ සම්මානයට හිමිකම් කී බවයි අමෙරිකාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.

සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව මෙන්ම කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ දියුණුව වෙනුවන් කළ සමාජ සත්කාරයන් මෙම සම්මානය වෙනුවෙන් සලකා බැලෙන නිර්දේශයන් වනවා.

මෙවර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්මානය දිනා ගත් මරීනි ද ලිවේරා  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිවරියක්. එමෙන්ම ඇය ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීම, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ කමිටුව සහ කාන්තා පිළිබඳ ජාතික කමිටුව එම සංශෝධන කෙටුම්පත් කළ කමිටුවද නියෝජනය කර තිබෙනවා. ඊට අමතරව ඇය මානව හිමිකම් පුහුණුකාරිණියක ලෙස ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post