මෙරට ප්‍රසංග කලාවේ දැවැන්තයෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ ගීතයක් කෙටි කලක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නවා.
වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය තුළත් ඔහු ඉතා සාර්ථකයි. ඔහු දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්.
ඔහුගේ ආදරණීය බිරිද නමින් තිළිණි. මොවුන් දෙදෙනා විවාහ වී අදට වසර 20ක් වෙනවා. ඒ වෙනුවෙන් රොෂාන් සමාජ මාධ්‍යයෙ ආදරණීය සටහනක් තබා තිබුණා.
එම සටහන පහතින් බලන්න,
“එකට ඉන්නට හේතු ගොඩක් තිබියදී, වෙන්වන්නට එක් හේතුවක් හොයන සමාජයක අවුරුදු “20” ක් පුංචිම තැන ඉදන් වර්තමානය දක්වා අන්‍යෝන්‍ය අවබෝධයෙන්, දයාබර බිරිදක්, මවක් ,යෙහෙලියක් ලෙසින් මාව හරියටම කියවපු ආදරණිය ” තිලිනි” ‘සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ’..!!!
Blessed 20th Anniversary to us
10.07.2023″