පලතුරු අතර සෞඛ්‍යසම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම්වල, අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වේ.
විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය.
වෙළඳපොලේ තරමක් මිල අධික වුවත් බොහෝ දෙනෙක් ප්‍රියතාවයක් දක්වන පලතුරක් තමයි දෙළුම් කියන්නේ. පුරාණ කාලයේ සිටම දෙළුම් යුෂ විවිධ රෝගවලින් පෙළෙන අය සඳහා ලබා දෙන්නේ එය ප්‍රති ඔක්සිකාරක, තන්තු , විටමින් සහ ඛනිජ ලවණවලින් වඩාත් පොහොසත් වන නිසාය.
නැවුම් දෙළුම් යුෂ යනු පෝෂණ බලාගාරයක් ලෙසත් ඇතමුන් සලකනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ දෙළුම් යුෂ පානය කිරීම මගින් ඔබට ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්රතිලාභ ගැනයි.
පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වෙයි
දෙළුම් යුෂවල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක මගින් සම වයසට යාමේ ලකුණු ඇති වීම ප්‍රමාද කරන අතර, සම හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානිකර තත්වයන්ද වළක්වයි. මෙම කිරණ මගින් ඇතිවන ඔක්සිකාරක ආතතියෙන් සමේ සෛල ආරක්ෂා කිරීමට දෙළුම් යුෂවල ඇති ප්‍රතිඔක්සිකාරක වලට හැකියාව ඇත.
ගර්භණී සමයේ දී ප්‍රයෝජනවත් වේ
දෙළුම් යුෂ පානය කිරීම ගර්භණී සමයේදී ඇතිවන විවිධ සංකූලතා අඩු කරනවා. විශේෂයෙන්ම දිගින් දිගටම වමනය සහ ඔක්කාරය වැනි තත්ත්වයන් ඇති ගර්භණී මවුවරුන් සඳහා දෙළුම් යුෂ පානය කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා.
හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
දෙළුම් වැනි පොලිෆෙනොලික් සංයෝගවලින් පොහොසත් පලතුරු ආහාරයට ගැනීම මගින් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කර ගැනීමට හැකිවන බවත්,දෙළුම් යුෂ මගින් ධමනිවල ඔක්සිකාරක ආතතිය සහ දැවිල්ල අඩු කිරීමටත්, ධමනි සිහින් වීම සඳහා සටන් කිරීමටත් උපකාරී වන බවත් සමහර පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.
මුත්‍රා සෞඛ්‍යයට සහාය වෙයි
දෙළුම්වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් වකුගඩුවල ගල් ඇතිවීම පාලනය කරනවා. එමගින් මුත්‍රා සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සිදු කෙරෙන බව මානව අධ්‍යනයන් මගින් සොයාගෙන තිබෙනවා.
මතකය වර්ධනය වීම
දෙළුම් යුෂ සහ ඇට මගින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනෙකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වේ
ආහාර දිරවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීමට නම් අප දිනපතා දිනපතාම ආහාර මඟින් අපගේ ශරීරයට තන්තු වැඩි වශයෙන් ලබා ගත යුතුයි. දෙලුම් යනු තන්තු වලින් පොහොසත් පලතුරක් නිසා දෙළුම් යුෂ පානය කිරීම මගින් ශරීරයට අවශ්‍ය තන්තු ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.එමඟින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කෙරෙනවා.
හිසකෙස් වර්ධනය වේගවත් කරයි
දෙලුම් යනු ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත පලතුරක් බව ඔබ දන්නවා.එපමනක් නොවෙයි හිස කෙස් වර්ධනය උත්තේජනය කරන සංඝටක ද දෙලුම්වල අඩංගු වනවා.එම සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරමින් කෙස් කළඹ ශක්තිමත් කරනවා.
බර පාලනය කර ගැනීමට උපකාරී වෙයි
දෙළුම් යනු තන්තු වලින් පොහොසත් පලතුරක් නිසා එය ආහාරයට ගැනීම මගින් හෝ යුෂ පානය කිරීම මගින් ඔබට ඉක්මනින් පූර්ණ බවක් දැනෙනවා.එමඟින් ඔබ නිතර නිතර ආහාර ගැනීම සහ වැඩිපුර ආහාර ගැනීම වැලැක්වී ඔබේ බර පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
මේ ආකාරයේ ප්‍රයෝජන රාශියක් දෙළුම් මගින් අපේ සිරුරට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.