News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

අද රෑ සිට තැපෑල නවතී

704 Views


අද රෑ සිට තැපෑල නවතී

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තැපැල් සේවකයින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ.

බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරී සේවයේ උසස්වීම්වලට ප්‍රබල ගැටලුවක් ඇති බවත් බඳවා ගැනීමේ ශ්‍රේණියේ සිට උසස්ම ශ්‍රේණි වෙත යාමට අවුරුදු 62ක පමණ සේවා කාලයක් සැපිරිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කරනවා.එසේම කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ තනතුරු 18ක් අහිමි වී ඇති බවත් තනතුරු 18ක් නියෝජනය කරන 12000කට අධික තැපැල් සේවකයින් එක තනතුරකට ගොනු වන බවත් ඔහු පවසා සිටිනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (22) මධ්‍යම රාත්‍රි 12 දක්වා දිවයින පුරා සියලුම තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post